(දයාසීලි ලියනගේ)

එල්.එන්.ජී බලාගාරයන් විදුලි නිෂ්පාදනය ලබන මැයි මාසයේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමට නියමිතව ඇතත් එය තව වසරක පමණ කාලයකින් කාලය යනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීය.

මෙයට හේතු වී ඇත්තේ බලාගාර ඉදිකිරීම සඳහා අවශ්‍ය උපකරණ ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීමත් එල්.එන්.ජි නිපදවීම සඳහා අවශ්‍ය යන්ත්‍රය මුහුදේ ඉදිකිරීමට වසරක පමණ කාලයක් ගත වන බව ඔහු කීය.

එන්.එන්.ජී ගෑස් නැව් මගින් දියර වශයෙන් ගෙන්වනු ලබන අතර එය මුහුදේ පිහිටුවන ලබන යන්ත්‍රයක් (SSRU) මගින් ගෑස්වලට පරිවර්තනය කර නල මගින් ගොඩට ගෙන ඒම සිදු කරනු ලබයි.

මෙම යන්ත්‍ර ඉදිකිරීම සඳහා වසරක පමණ කාලයක් ගතවන බව ඔහු කීය.