IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එරෝෆ්ලොට් යළි ගමන් අරඹයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එරෝෆ්ලොට් ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ඒවියේෂන් සෝර්ස් වෙබ් අඩවිය වාර්තා කළේය.

නැවත එරෝෆ්ලොට් ගුවන් යානයක් රඳවා ගැනීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකා රජයේ පොරොන්දුව මත  ඔක්තෝම්බර් මාසයේ සිට  ගුවන් ගමන් ආරම්භ කරන බව එරෝෆ්ලොට් ගුවන් සමාගම ප්‍රකාශ කර ඇතැයි එම වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

නිවාඩු සඳහා විදෙස් රටවලට පැමිණෙන රුසියානුවන් වාර් ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක මුදලක් වියදම් කරන බව පැවසෙයි.

ඉකුත් ජූනි මාසයේ උසාවි නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවේ රඳවා ගත් අතර ඒ හේතුවෙන් නැවත දැනුම්දෙනතුරු ශ්‍රී ලංකාව වෙත සිදුකරන ගුවන් ගමන් අත්හිටු වූවේය.දින තුනකට පසු ගුවන් යානයට පනවා තිබූ තහනම ඉවත් කෙරුණු අතර අනතුරුව එම ගුවන් යානය මොස්කව් බලා පිටත් විය. 



අදහස් (3)

එරෝෆ්ලොට් යළි ගමන් අරඹයි

පුරවැසියෙක්... Wednesday, 21 September 2022 11:59 AM

හොඳ දෙයක්... මීට පස්සේ...

:       0       13

දාස Wednesday, 21 September 2022 12:26 PM

ආචාර්ය බන්දුලගේ ඉංග්‍රීසි අහල මම දන්න ඉංග්‍රීසි ටිකත් අමතක වුණා, කවුද දන්නේ නෑ ඔය යෝධයාට ආචාර්ය පට්ටම දුන්නේ..? බැසිල්ද දන්නේ නෑ...?

:       1       10

Tissera Thursday, 22 September 2022 03:11 PM

එක අනුවණ විනිසුරුවරයෙක් නිසා රටට පාඩු වුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site