
එයිට්කන් ස්පෙන්ස් එලිවේටර්ස් (පුද්ගලික) සමාගම සමග ඒකාබද්ධව CINEC සරසවිය විසින් පවත්වාගෙන යනු ලබන, විදුලි සෝපාන සහ විද්‍යුත් තරප්පු පෙළ සඳහා වන තාක්‍ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ පුහුණුව ලද පළමු කණ්ඩායම පසුගියදා සිය ඩිප්ලෝමාව සම්පූර්ණ කළේය.
වර්තමානයේ පවතින කාර්යබහුල වෘත්තීමය අවශ්‍යතා අනුව, ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මෙන්ම භාණ්ඩ ප්‍රවාහන සහ සේවා සැපයීම් ක්ෂේත්‍රයේත් විශාල පරාසයක අවශ්‍යතා පිරිමසාලීම සඳහා තිරස් මෙන්ම සිරස් විදුලි සෝපාන අවශ්‍යවේ.
මෙම සිරස් සහ තිරස් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා මැනවින් හසුරුවා ගැනීම සඳහා වෘත්තීයමය වශයෙන් අවශ්‍ය දැනුම සහ සුදුසුකම් ලත් කණ්ඩායම් සපයා දීමේ අරමුණ ඇතිව, මෙම විදුලි සෝපාන තාක්‍ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානය අරම්භ කරන ලදී. එය පූර්ණ වශයෙන්ම එයිට්කන් ස්පෙන්ස් එලිවේටර්ස් (පුද්ගලික) සමාගම සමග ඒකාබද්ධව CINEC සරසවිය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.
මෙම ඩිප්ලෝමාව, සිසුන්ට සහ කාර්මික ශිල්පීන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ස්ථාවර පදනමක් සපයයි. එමෙන්ම, එය විදුලි සෝපාන කාර්මික ක්ෂේත්‍රයේ නියැලි පාර්ශවකරුවන් සඳහා සහතික ලත් ශිල්පීන් පිරිසක් ද ශ්‍රම වෙළෙඳපොළ තුළ නිර්මාණය කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි සෝපාන පුහුණු මධ්‍යස්ථානය විවෘත කරන ලද්දේ 2022 අප්‍රේල් මාසයේ දීය. එහි පාඨමාලාව සම්පූර්ණ කළ ප්‍රථම කණ්ඩායම 2023 ජනවාරි 9 වැනිදා සිය ඩිප්ලෝමාව ලබා ගත්තේය. විදුලි සෝපාන හැසිරවීම සම්බන්ධයෙන් සිසුහු 15 දෙනෙක්, ජාතික වෘත්තීමය සුදුසුකම් සහිත (NVQ 3 වැනි මට්ටමේ) ඩිප්ලෝමාව ලබාගත්හ. මෙම ඩිප්ලෝමාව ලබාගැනීමේ සැමරුම් උත්සවය මහත් ආනන්දජනක විය.
ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සිනෙක් සරසවියේ අධ්‍යක්‍ෂවරු මෙන්ම ආචාර්යවරුන් සහ උපාධිධාරී සිසුන්ගේ ආරාධිතයන් ද, එයිට්කන් ස්පෙන්ස් සමාගමේ සහ සිනෙක් සරසවියේ කාර්ය මණ්ඩලය ද සහභාගී විය.
රොෂාන් සම්පත් කුමාර, පාඨමාලාවේ ඉහළම ලකුණු ලබාගනිමින්, පළමු කණ්ඩායමේ විශිෂ්ටයාගේ ස්ථානයට පත් විය.
විදුලි සෝපාන තාක්‍ෂණික ඩිප්ලෝමාව හදාරන සිසුන් න්‍යායික සහ ප්‍රායෝගික යෙදවීම් යන අංශ දෙකෙන්ම සුවිශේෂී මට්ටමකට අධ්‍යාපනය ලබනු ඇත. එදිනෙදා කටයුතුවල දී ඔවුන් මුහුණ දෙන, සැබෑ ජීවිතයේ අර්බුදකාරී අවස්ථා සඳහා ඔවුන් සූදානම් කරවයි.
එයිට්කන් ස්පෙන්ස් එලිවේටර්ස් (පුද්ගලික) සමාගම වසර 32කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ Otis විදුලි සෝපාන සහ විද්‍යුත් තරප්පු පෙළ සැපයීම, ස්ථාපනය කිරීම සහ නඩත්තු කිරීම සඳහා වගකීමක් සහිතව කටයුතු කරයි.
595


2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එයිට්කන් ස්පෙන්ස් සහ CINEC කැම්පස් නව රැකියා විවර කරයි