(නිමල කොඩිතුවක්කු)
එම්.සී.සී ගිවිසුම ගැන රජයේ ස්ථාවරය ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා වහාම රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.
ආණ්ඩුවේ සිටින පොඩි පොඩි ගෝල බාලයන් දමා එම්.සී.සී ගිවිසුම අත්සන් කරනවද නැද්ද යන ස්ථාවරය සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමෙන් ඵලක් නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
රට දෙකට බෙදනවා, රට ඇමරිකාවේ කොලනියක් වෙනවා කියා එම්.සී.සී ගිවිසුම ගැන බිලලන් මවා බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් එම ගිවිසුම ගැන මුනිවත රැකීම පිළිබඳ විපක්ෂය පුදුම වන බවත් මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම්.සී.සී කියන්නෙ රටට ඉතාමත් හිතකර ගිවිසුමක්නෙ. ඡන්දයට පෙර පොහොට්ටුවේ ස්ථාවරය වුනෙත් එහෙමයි.
හලෝ අපිට ඕනේ උනේ ආණ්ඩුව පෙරලන්න. පුලුවන්නම් රත්තරන් අශ්වයෝ ලැම්බෝගිනි ප්ලේන් ගැන කියලා ආණ්ඩුපෙරලන්න අපිට බැරිද MCC ගැන කියලා ආණ්ඩුපෙර්ලන්න. දැන් ඕවා ගැන කතා කරන්න එපා.
ඡන්දෙට කලින් ඔයාලා කිවුවා ගිවිසුම රටට හිතකරයි කියලා. එතකොට එයාලා කිවුවා රටට අහිතකරයි කියලා. දැන් එයාලා කියනවා රටට හිතකරයි කියලා ඔයාලා කියනවා අහිතකරයි කියලා. ඔතන අමුතුවෙන් හෙළිකරන්න දෙයක් නැහැ. මුළු රටම දන්නවා.එක අතකින් පුදුම වෙන්න දෙයක් නැහැ මේක ශ්‍රී ලංකාව නිසා. අපේ රටේ තරම් ගොන් මෝඩ ඡන්ද දායකයෝ ඉන්න රටක් ලෝකේ කොතනකවත් නැහැනේ.
ඒක යුඑන්පි එකෙන් කියන විදියට හෙළි කරන්න රජය බැඳිලා නැහැනේ අනික ඊට වඩා භයානක දෙයක් මුස්ලිම් ත්‍රස්තයින් කලානේ එකට මොකද උනේ ?
තේරුම් කරලා දෙන්න කුවූරුත් නැද්ද?
ඊට පෙර පාස්කු ප්‍රහාරය කලේ කවුද යන්න රටට හෙළි කරන්න.
මේ මොකාටද එන්නේ?
තමුන් ගැන අපි දන්නවා. දැන් ඊළග පාර පාර්ලිමේන්තු එනවද නැත්ද කියල හිතන්න. හැබැයි ඡන්දෙන්නම් බැහැ. ජාතික ලැයිස්තුවෙන් විතරයි.
මේ වගේ අය පාර්ලිමේන්තු යවන එක ජනතාවට බාරයි
කලින් අයට හොයාගන්න බැරි නිසා නේද අලුත් කට්ටිය ගෙනාවේ..? ඕක මේ කපේට හොයන්නේ නෑ..
එජාපයෙන් රටට අැදලා දාපු මේ කුණුගොඩ එක රැයකින් එළියට විසි කරන්න අමාරුයි. අපි දුප්පත් අාසියාතික රටක්. අැමෙරිකාව වගේ බලවත් රටක් නොවේ. අපි එ්ක අධිකරණය හරහා ප්‍රතික්ෂේප කරන්නම්... මුජිබර් මහත්තයා ගිහින් එජාප නායකත්වයේ ප්රශ්නය විසඳගන්න. අපේ අාණ්ඩුවට අැඟිලි නොගහ... මහ මැතිවරණයෙන් 42%ක් නැති කරන්නම් අපි...
MCC ගිවිසුම රජය පැත්තෙන් බැලුවහම හිඟන්නාගේ තුවාලේ වගේ. ජනාධිපතිවරණයේදී ජනතාව ගොනාට ඇන්දුවේ ඔය MCC එක පෙන්නලා. ඉදිරි මහා මැතිවරණය වෙනකම් මේක අත්සන් කළොත් 35%ක් වත් ඡන්ද ගන්න බැරි බව රජය දන්නවා. එමනිසා මේක අධිකරණයට ඉදිරිපත් කළාම සමාලෝචනය කෙසේ වෙතත් එ්ක මාස ගණනකට කල් යනවනේ. රජයට වුවමනා එ්කයි. මැතිවරණය පසු වුණාම තීන්දුව ලැබේවි. ඊට පස්සේ ඕක අත්සන් කරනවා. වෙන මොනවද? කවුරු මොනවා කිව්වත් ඒවා ඔක්කොම සම්ප්‍රප්ප්‍රලාප...