IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


එම්.සී.සී. ගිවිසුමේ කරුණු ව්‍යවස්ථාවට පටහැනියි

(මනෝප්‍රිය ගුණසේකර)

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා ජනාධිපති ලේකම්වරයාට අද (19) දැනුම් දී ඇත.
 
පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී ඇමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණත් අදාළ ගිවිසුම අත්සන් නොකරන බව ජනතාවට දැනුම් දුන් අතර රජය බලයට පත්වීමෙන් පසුව එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
 
එම කමිටු වාර්තාව හා කරුණු සළකා බැලීමෙන් පසුව එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන් බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණිය දැනුම් දුන්නාය.
 



අදහස් (16)

එම්.සී.සී. ගිවිසුමේ කරුණු ව්‍යවස්ථාවට පටහැනියි

Prabha Tuesday, 19 January 2021 11:32 AM

දැන් ඇමෙරිකාව mcc වෙනුවට ජිනීවා වලට ලංකාවට විරුද්ධව යෝජනාවක් ගෙනාවා.

:       11       18

rasikaTuesday, 19 January 2021 08:08 PM

එහෙම කියලා මුලු රටම විකුණලා දාන්න ඕනේ...!!! 

:       0       0

සමන්තWednesday, 20 January 2021 02:56 AM

ශ්‍රී ලංකාවට විරුද්ධව ඇමරිකාව කිසිම යෝජනාවක් ගෙන එන්නේ නැත. මන්ද සීෂෙල්ස් රාජ්‍ය වසර ගණනාවක් තිස්සේ ඔවුන්ට අයත් බ්‍රිතාන්‍යය විසින් ඇමරිකාවට පවරන ලද දියාගෝ ගාසියා දූපත තවත් වසර කීපයකින් එම දූපත අයත් මව්රටට ලැබෙනවා ඇත. ඒ සමඟ ඇමෙරිකාවට ඉන්දියානු සාගර කලාපයේ බලය ගිලිහී යනවා. ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් සිටීම හැර ඇමෙරිකාවට වෙන විකල්පයක් නැත. මොකද දැනටමත් ශ්‍රී ලංකාව චීනය සමග දැඩි බැඳීමකින් සිටින නිසායි...

:       0       0

fairoos Tuesday, 19 January 2021 02:51 PM

එහෙනම් සර් මේක ඉරලා දාවි.

:       4       19

BamunuarachchiWednesday, 20 January 2021 03:22 AM

මොන සර්වත් මෙතනට එන්නේ මේ ඔක්කොම දැනගෙන නොවෙයි. නිසියාකාරව දැනගන්න තමයි අදාළ විද්වතුන්ගෙන් යුත් කමිටුවක් පත් කරන්නේ... ඒ වාර්තාවල නිර්දේශ කරන පරිදි අදාළ කාරණා සම්බන්ධව ජනාධිපති හෝ අගමැති හෝ ඇමති ක්‍රියා කරනවා. එ්කයි සිද්ද වෙන්නේ... ජනාධිපති රටේ නීතිය ගැඹුරට දන්නේ නැහැ. ඔහුට උපදෙස් දෙන්න නීතිපති ඉන්නවා. රජකාලේ නම් පුරෝහිත කියලා කෙනෙක් ඉන්නවා. නැතිනම් ඇමති මණඩලයක් ඉන්නවා. ඒ උපදෙස් අනුව ක්‍රියා කරනවා. ඒ නිසා ගොබ්බ පාට් දමන්න එපා...

:       1       0

බද්රානි Tuesday, 19 January 2021 04:13 PM

අනේ මොනවද දන්නේ නැහැ... ඔය ව්‍යවස්ථාවට පටහැනි කරුණු? ගිනිපොලියට ගන්න චීන ණය එතකොට ව්‍යවස්ථාවට අනුකූලද? එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක වුණා නම් ලංකාවේ සියලුම ඉඩම් මැන ලියාපදිංචි වන නිසා, දැනට හොරෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් සහ අනාගතයේදී හොරෙන් රජයේ ඉඩම් අල්ලා ගැනීමට නොහැකි වීම තමයි මේ රටේ තක්කඩින්ට ඔය ගිවිසුම සම්බන්ධයෙන් තියන ප්‍රධානම ගැටලුව. ඒ වගේම දැනට විවිධ වර්ගයේ ඔප්පු හිමි ඉඩම් හිමිකරුවන්ට... නිසි සින්නක්කර හා විකිණීමට අයිතියක් නොමැති වීමේ අපහසුවත් මේ ගිවිසුම මගින් විසඳිය හැකිව තිබුණා. නමුත් මේ රටේ මන්ද බුද්ධිකයින් එයටත් අකමැතියි. ගමනාගමන හා ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘති දෙකම ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් අනුව සිදුකිරීමට නියමිත ක්‍රියාවලියක් බවවත් ඔවුන් දන්නේ නැහැ. අනික ඉතින් හොරකම් කරන්නත් බැහැනේ. ඒ නිසා ඒ ගිවිසුම් වලින් පොකට් එකට වැඩකුත් නැහැ... ලෝකෙන් හිඟාකෑවට ඇමරිකාවට ලොකුව පෙන්නන්නත් ඕනෑනේ ලංකාවේ ගෝත්‍රිකයින්ට පේන්න.

:       0       0

Hafeel Tuesday, 19 January 2021 05:02 PM

පිල්ලෙයාන්ට එරෙහිව තිබුණු නඩු විභාගයේදී මේ නීතිපතිගේ හැසිරීම බලද්දී, අනාගතයේ මේ නීතිපතිම මේ ගිවිසුමේ කිසිම අඩුපාඩු හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා කිව්වත් පුදුමයක් නැහැ. අධිකරණ හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තු හෝ වේවා ආණ්ඩු වෙනස් වනවිට වෙනස් වෙනවා. ජනතාව ආණ්ඩු වෙනස් කළා මිස නඩු ටික අහෝසි කරන්න නොවේ වරම දුන්නේ...

:       0       0

sriyal Tuesday, 19 January 2021 05:16 PM

මේක හොයාගන්න ගිය කාලේ කොහොමද?

:       0       0

kapila Tuesday, 19 January 2021 06:52 PM

ව්‍යවස්ථාව කෙසේ වෙතත්, උතුරු නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමට තිබූ අනගි අවස්ථාවක් මේ ගිවිසුම අවලංගු කිරීමෙන් අපට නැති වුණා.

:       0       0

Bishan Tuesday, 19 January 2021 07:05 PM

දැන් සර් බනියි හොඳටම...!!!

:       0       0

rasika Tuesday, 19 January 2021 08:07 PM

මේක ඉතාම හොඳ දෙයක්.. මේක කළානම් ලංකාවම විකුණුවා වගේ තමයි... ලංකාවේ තියෙන සියලුම සම්පත් කොල්ලකාලා, හයිටිවලට වූ දේ වෙනවා. රජය කරන හොඳ දෙය, හොඳ දෙයක් විදිහට දකින්න බැරි ඇයි?

:       1       0

ලුම්බිණි Tuesday, 19 January 2021 11:45 PM

ව්‍යවස්ථාවට පටහැනි වුණත් නැතත් දැන් ඒක ඇමරිකාව විසින්ම අයින් කරගෙන නේද?

:       0       1

kamal Wednesday, 20 January 2021 01:55 AM

පිල්ලෙයාන් නඩුව, රන්ජන් නඩුව දිහා බැලුවාම නීතිපතිවරයා කියන දේ මුදුනින්ම පිළිගත යුතුයි.

:       0       0

Hafeel Wednesday, 20 January 2021 04:09 AM

මේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගොනුකරලා ආණ්ඩුව වෙනස් වූ විගස එම නඩුටික තවදුරටත් පවත්වාගෙන යා නොහැකියි ලෙස ඉල්ලා අස්කරගත් නඩු කිහිපයක් මේ දවස්වල ආරංචි වෙමින් පවතිනවා. මේකට පිල්ලයාන්ගේ නඩු හොඳ උදාහරණයක්. බලනකොට ජෝසප් හිටපු මන්ත්‍රී ඔහු විසින්ම ඔහුට වෙඩි තියාගත්තා වගේ. මේ විදියට බලන විට, අනාගතයේ මේ නීතිපතිම මේ ගිවිසුමේ කිසියම් අඩුපාඩු හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා හෝ කිව්වත් පුදුමයක් නැහැ. අධිකරණ හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තු හෝ වේවා ආණ්ඩු වෙනස් වනවිට වෙනස් වෙනවා නම්...

:       0       3

Rata Perata Wednesday, 20 January 2021 07:49 AM

ඔය කෙහෙල්මල් mcc විතරක් නොවෙයි. අපේ රටේ ලොක්කන්ගේ ඉඳලා බොහෝමයක් දෙනෙක් කරන වැඩ ව්‍යවස්ථාවට පටහැනියි.

:       0       4

lal Wednesday, 20 January 2021 08:16 AM

මෙයා දැන් නැගිටලා තියෙන්නේ. ඕක සර් නැවැත්තුවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 237 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 413 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 732 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site