(නවරත්න සමරතුංග සහ වසන්ත චන්ද්‍රපාල)

ලුණු ලේවායෙන් ඉවත දමන ලුණු එම්.ඕ.පී. රතුකුඩුවලට කලවම් කර ප්‍රමිතියෙන් තොර බාල පොහොර සකස් කරමින් සිටි පුද්ගලයෝ හය දෙනෙක්  තිරුක්කෝවිල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදි අත් අඩංගුවට ගනු ලැබූහ.

අක්කරපත්තුව යුද හමුදා කදවුරේ බුද්ධී අංශ නිලධාරීන්ගේ ආවේශන රාජකාරි මත තිරුක්කෝවිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ ස්ථානාධිපතිවරයාට ලබා දුන් තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත. 

ඒ අනුව නින්දවූර් ප්‍රදේශයේ අතහැරදමා ඇති සහල් මෝලක් තුළ රජයේ පොහොරවලට ලුණු කලවම් කරමින් ඒවා නැවත එම කවරවලට පුරවමින් සිටි පුද්ගලයන් සැකපිට අත් අඩංගුවට ගැනීමට හැකි විය.

ටොන් 40 කට ආසන්න ප්‍රමාණයකට මෙසේ ලුණූ කලවම් කිරීමට පියවර ගෙන තිබිණි. 

වැඩි දුර විමර්ශන සඳහා මෙම නඩු භාණ්ඩ සහිත එම ගබඩාවට මුද්‍රාතබා ඇති අතර,   සැක කරුවන් නින්දවූර් පොලීසිය පාරයට පත් කර ඇත.