(උපුල් හේරත්)

එප්පාවල ඇඳගල ප්‍රදේශයේ දී වී මෝලක සිටි දෙදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

එක් අයකුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර අනෙක් පුද්ගලයා කපා කොටා මරා දමා ඇතැයි ද පොලිසිය කියයි. 

මෙම ඝාතනය සම්බන්ධයෙන් එක් අයකු අත්අඩංගවට ගෙන ඇති අතර තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට පොලිසිය එම ප්‍රදේශය වටලා මෙහෙයුමක් ආරම්භ කර ඇත.