
(ගයාන් සූරියආරච්චි සහ රෝෂන් තුෂාර)
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොස්පේට් සමාගමේ හිටපු සේවකයකු විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලට අනුව සමාගම් දෙකක් හරහා රොක් පොස්පේට් අපනයනය කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිදුවීම ඉකුත් 2022 සහ 2023 වසර අතර කාල වකවානුවේදී සිදුවී ඇති බව පැවැසේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ පොලිස් අධිකාරී සුජීව විජේසේන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.
COMMENTS
රුපියල් මිලියන 2700ක් කියන්නේ කෝටි 2700ක් නම් නෙවෙයි, ගණන් බැරි මාලිමා ප්රෝෆෙසර්ල ඉතින් ඔය වගේ සරල දේවල් වරද්දල පස්සේ කියනවා අඃ පොඩ්ඩක් වැරදුන කියල.
දැන් ඉතින් කජ්ජා ඉදිරිපත් වෙලා කියනව මම තමයි එහෙම කරන්න ඕඩර් එක දුන්නෙ. අරකයි මෙහෙමයි කියල. ඕක වෙලා තියෙන්නෙ පොරගෙ කාලෙනෙ. ආයෙත් හොයන්න බලන්න දෙයක් නෑ. ගෝලයෙක් ගාව සල්ලි ඇති
දැන් මේවා වෙලා ඉවරයි, පරණ කුණු හොයලා ගැලරිය පිනවන්න එපා. අපිට ඕන හාල්, පොල්, බිත්තර ටික බඩට-අඩුවට කියලා, රටකාපු කාලකන්ණි තක්කඩින්ට සුදුහුණු ගාල, එන්න කට්ටිය වැළපෙන්න, නැත්නම් වැලලෙන්න.
මේ පුවතේ ලියැවිලා තියෙන්නේ පැමිණිල්ලක් දැම්මා කියලා මිසක් එහෙම පාඩුවක් සිද්ධ වුනා කියලා හොයාගත්තා කියලා නෙවෙයිනේ.
පිල්ලි ගහපු සල්ලි වලින් වැඩේ කාලාද?