
(තිසර සමල්)
නාඳුනන පිරිසක් එප්පාවල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි පිරිමි දරුවකු පැහැර ගෙන ගොස් ඇතැයි එප්පාවල පොලීසිය කියයි.
මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ අංක 16, ගැටදිවුල, කිරලෝගම ලිපිනයේ පදිංචි පී.කේ දෙනෙත් ගෞරව ප්‍රේමසුන්දර නම් නව හැවිරිදි පිරිමි දරුවෙකි.
ඔහු කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෙම සිසුවා ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවත් දරුවාගේ මව පැවසීය.
දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව වන පුෂ්පා මල්කාන්ති මහත්මිය හඩා වැළපෙමින් පැවසූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවගෙ පියා මොකුත්ම කිව්වෙ නැත්නම් දරුව තමන්ගෙ ඇත්ත පියා සමග යන්න ඇති