IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එන්නත් මගින් තරුණ තරුණියන් මත් කළ මව දියණිය මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියන්ට එන්නත් මගින් එම මත්ද්‍රව්‍ය ලබාදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපයූ බව කියන මවක සහ දියණියක කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කඩුගන්නාව රජවත්ත ප්‍රදේශයේදී ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කරගන්න ගොස් ඇති මෙම ජාවාරම පොලිස් නිලධාරීන්ට වැටලිය නොහැකි ආකාරයට ආරක්ෂක විධිවිධාන සහ ඔත්තුකරුවන් යොදාගනිමින් කරගන්න ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

සැකපිට අත්අඩංගුවට ගත් මව සහ දියණිය දියණියගේ ජංගම දුරකථන දත්තවලට අනුව මොවුන් ඇතැම් දිනවල මේ ආකාරයෙන් මත්ද්‍රව්‍ය එන්නත් ලබාදී රුපියල් ලක්ෂ 05කට අධික මුදල් උපයා ඇති බව අනාවරණය වී තිබේ.

පුද්ගලයකුට එක්වරක් මත්ද්‍රව්‍ය එන්නතක් ලබාදීම සඳහා රුපියල් 3000-4000 ත් අතර මුදලක් ලබාගෙන තිබෙන බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

වැටලීම සිදු කිරීමෙන් අනතුරුව එම නිවස තුළ හා අවට භූමිය තුළ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමට යොදාගත් එන්නත් කටු 300 ක් පමණ පොලිසිය විසින් සොයාගෙන තිබේ .

මෙම මවට සහ දියණියට හෙරොයින් ළඟ තබා ගැනීමේ සිද්ධීන්ට අදාළ නඩු ගණනාවක් මහාධිකරණයේ විභාග වෙමින් තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන අතර සැකකාර කාන්තාවගේ පුතුන් දෙදෙනාද මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බව පොලීසිය කියයි .

 



අදහස් (1)

එන්නත් මගින් තරුණ තරුණියන් මත් කළ මව දියණිය මාට්ටු

SL Wednesday, 21 September 2022 01:46 PM

මේ වගේ සමාජයට අති භයානක අය තත්පරයක් එළියේ තිබ්බත් අඩුම ගානේ තවත් මිනිස් ජීවිතයකටවත් හානිකරයි. එහෙම එකේ මේ වගේ භයානක අය ඇප පිට එළියට දාපු විනිසුරු කවුද? ඇප දෙන්න කැමතිවුණු පොලිසියේ ලොක්කා කවුද? ඒ අයගේ ආදායම්, වියදම්, වත්කම් හොයන්න..!!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site