
(යොහාන් භාසුර)
ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි එම කොාමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය.
මිරැන්ඩා මහතාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ මූලික විමර්ෂයකින් පසුව විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නිර්දේශ කර ඇති බවත් එම විධිමත් පරීක්‍ෂණයට ඒ මහතා සේවයේ සිටීම බාධාවක් වීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් සභාපතිවරයා කීය.
එම චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රවාහන අමා්‍යංශයට ද යොමු කර ඇතැයි ශෂි වෙල්ගම මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඩු රැවුල තිබුණා... අහවලා වගේමයි වැඩත්... එහෙමද?