(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවා නම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මැතිවරණයට මුහුණදීම සදහා පොදුජන පෙරමුණ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර අපේක්ෂකයින් තෝරාගැනීම සදහා අයඳුම්පත්‍ර කැඳවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා කීය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ අද (21) පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත තමයි. මොන විදියට ආවත් ඉතිහාසයෙ මෙතෙක් බලයෙ සිටි පක්ශයක් මුහුන දුන් දරුනුම පරාජය අත්වෙන බව හොඳාකාරව පැහැදිළියි.
මීලග මැතිවරනයේදි ගම්පහ ජනතාවගෙ යුතුකම තමයි මෙතුමාට විවේක සුවය දෙන පිනිස ගෙදර යැවීම. තඩි ඇගත් උස්සන් කොහොමද ව්ැඩ කරන්නේ .
දැන් මෙයා පොරක් වෙලා නේද? කියවන්නෙම මුඩුක්කු බාසාව
එහම නම්, මේ පාර මහ බැංකු බැඳුම්කර, සුනාමි සහන අරමුදල්, මිග් ගුවන් යානා, මැදමුලන සොහොන, මිස්ටර් 10%, කප්පම්, සුදු ළුණු, එතනෝල්, කුඩු, වොඩ්කා වතුර බෝතල සේරම එක වේදිකාවේ දකින්න පුළුවන් ලබන සුන්දර අවස්තාවක්.
ඔබතුමාලා රට වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කෙරුවනේ. රට මේ තත්වෙට ගෙන්න මොනතරම් වෙහෙසෙන්න ඇද්ද. දැන් ටිකක් විවේක ගන්න. ආයේ මේ ගැන හිතන්නවත් ඕනේ නෑ. දැන් ඉතිං ගෙදරට වෙලා ඉන්න. ලංකාවේ තව ඉන්නවනේ කට්ටිය දේසපාලනය කරන්න. මන්නම් කියන්නේ චන්දේ එනකම් ඉන්නේ නැතිව ගෙදර යන එක හොඳයි. මොකද ඒ ප්‍රතිඵල නොබලා යනඑක ටිකක් හරි සැනසීමක්.
සහතික ඇත..චන්ද වෙලාවට මොනවහරි ජාතිවාදයක් අවුස්සල හරි දිනන එක දිනනවමයි
දවල් හීන දකිනවද ? ලංකාවේ මිනිස්සු තවත් මෝඩ නෑ මහත්තයෝ. ඒ අය පෙන්නාවි ඔයාලා වාගෙ අයට කොහොමද සලකන්න ඕනෙ කියළා. අපේ මිනිස්සු හොඳටම දන්නවා ඔයාලා ගැන දැන්. තවත් මගෙ රටේ මෝඩයෝ නෑ.
මෙ මනුස්සයගෙ ලඟ මීහරකෙකුගෙ ලන්ග වගේ ගඳයි ... මම එක සැරයයි ලන්ගින් ගියෙ , හපොයි කියල හිතුන .
තව මොන කවර කතාවක්ද? ඉතිහාසයේ වැඩිම ඡන්ද ජයග්‍රහණය මෙන්ම... දරුණුතම ඡන්ද පරාජයත් ඔබම තමයි...
හොරකම්, දූෂණ, වංචා වල නියැලෙන අයට උඩින්ම අපේක්ෂකයින් වීමට පුළුවන්...
රට බංකොලොත් කරපු එකා තවත් මොනවා කරන්නද ?