(රංජන් කස්තුරි)
ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.
වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය සියයට 9 සිට සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත
ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන් එය නතර කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජාතිය නතර කිරීමේ බැංකුව" කියලයි ඉදිරියේදී කියන්න වෙන්නේ.
ක්‍රමය හරි හෝ වැරදි, එය තීරණය කලයුත්තේ ආර්ථික උපදේශකයන් මිස, වෘර්තීය සමිති නොවේ. වෘර්තීය සමිති විසින් පාලනය කරන ලද ආයතන වලට වී ඇති හදිය දැන් කදිමට පෙනේ. බැංකු පද්දතිය කඩා වැටුණු පසු වෙන කල දෙයක් නොමැති බව සියල්ලටම පෙනී යනු ඇත. අනෙක් රටවල් සිටින්නේ, ඒ රටවල ජනතාවගෙන් ගන්නා බදු මුදල අපේ එවුන්ට පිස්සු කෙලින්න නෙවෙයි
දැන් එතකොට ගිය මාසේ ඇන්ඇස්බී එකේ බෝනස් දුන්න. ඊට අමතරව තව ඔය පොලී වැඩි කිරීම ඇතුලේ අයගෙ ලෝන් වලටයි සමහර විශේෂ ලෝන් වලටයි අදාල නෑ. ඒක හරිද?
ඇතතටම ඉතාමත් අසාධාරන විදියට පොලිය වැඩි කරල තියෙන්නෙ. ඊට පස්සෙ ඒ ගැන දැනුම් දුන්නෙත් නෑ. 9% ට තිබ්බ පොලිය 15% කලා කියල SMS 1ක් එවපු එක. මොබයිල් නම්බර් එක තියාගෙනත් කතා කරල කියන්නවත් උනන්දු ෑ.
ලොකු එවුන් හොරා කාපුවට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අහිංසක පොඩි මිනිහාගේ Account එකෙන්.උන්ට ශාප වේවා!!!!!
අපිට ලෝන් එක දුන්නේ අපේ සැලරි එක බලලා.වාරිකය කපාගෙන ජීවත් වෙන්න පුළුවන් ගානට .දැන් එකපාරටම ලෝන් එකේ වාරික වැඩි කරාම අපි කොහොමද ජීවත් වෙන්නේ
ලෝන් ගෙව්වාම රස්සාවක් කරලා ගත්තු පඩිය ඉවරයි.., දැන් රස්සාව නොකර ගෙදර හිටියානම් ඉවරයි.., මොකද හම්බ කළා කියලා කන්න බොන්නවත් නෑනේ... 40% බලලා ලෝන් දුන්නේ දැන් පොලිය වැඩි කරද්දි 40% අදාල නැද්ද? ළමයින්ට කෝමද දැන් කන්න බොන්න දෙන්නේ..
Bank ..n.s.b කියන්නත් ලජජයි.. වානිජ බැංකු හැමෝටම එකම නිතියක් ...n.s.b බෑංක් එකට තව නිතියක් අසාදාරන විඩියට මෙ පොලි කපාගන්න එපා . දෙසැම්බර් මාසෙ ඉදල අපෙන් වැඩිපුර අය කරගත් පොලිය අපිට දෙන්න ..මෙ රටෙ ජීවත් වෙන්නෙත් මිනිස්සු බව හිතන්න..ඔයල ලොන් එකක් ගද්දි ඔයල බලනව නේද .. මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවනිද කියල . ඇයි මෙ වගෙ අසාදාරන විදියට පොලිය කපා ගද්දි හිතුවෙ නැත්තෙ ..වහාම අපිට විසදුමක් ලබාදෙන්න... අය කරගත් මාස දෙකේ පොලියත් අපිට ඔන..රටෙ බැංකු වුාම...
අපි ලෝන් ගෙවන්නෙ නෑ
එන්.එස්.බී වැඩි කරේ ගොඩක් කලින් .හෙන ගහන වැඩ
ගත්ත ණය වලට පොලී වැඩිකරන්නේ කොහොමද? පොලියකට එකඟවෙලා නේද ගිවිසුම අත්සන් කරන්නේ...?