IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එදා වේල ටුවර්ස් පාලනයකින් ජනතාවගේ බඩගින්න ඉහළ යනවා

 

(සුජිත් හේවාජුලිගේ)

එදා වේල ටුවර්ස් පාලනයකින් සිදුවන්නේ ජනතා පීඩනය දිනෙන් දිනම ඉහළ යෑම පමණක් බව  ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

මේ තත්වයෙන් මිදීම සඳහා අවම පොදු එකඟතා  වැඩපිළිවෙළක් සහිත  සර්වපාක්ෂික පාලනයකට යොමුවන ලෙස වත්මන් පාලනයට බල කරන බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය කාලය තුළ විදුලි බිල්පත සියයට 300 කින් පමණද ජල බිල්පත සියයට 90 කින් පමණද වැඩිවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්ද අහස උසට ඉහළ ගොස් ඇතැයි පෙන්වා දුන්නේය.

ආර්ථිකය ඉහළ නැඟීමට කෙටිකාලීන මධ්‍යකාලීන හා  දිගුකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බවද  ඔහු සඳහන් කළේය.

පීඩාවට පත්ව සිටින ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන්නැයි  ගාමිණී වලේබොඩ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (1)

එදා වේල ටුවර්ස් පාලනයකින් ජනතාවගේ බඩගින්න ඉහළ යනවා

fairoos Tuesday, 30 August 2022 12:07 PM

කෝ මෙතන අරගලයට බැන බැන තප්පුලන අප්පුහාමිලා..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site