
(අංජුල මහික වීරරත්න)
බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපයේ මුළු රටම ඉදිරියට ගෙන යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමා දේශපාලන ජීවිතය ඇරැඹීමට බියගම ආසනයට එන විට එම ප්‍රදේශය ඉතා නොදියුණු බව සිහිපත් කළ ජනාධිපතිවරයා බියගම ආයෝජන කලාපය පිහිටුවීම ඇතුළු එදා තමා ගත් නිවැරදි ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් බියගම ඉතා කෙටි කලකදී විශාල දියුණුවක් ලැබූ බව කීය.
ඒ අයුරින් විවෘත ආර්ථිකයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් රට පුරා නව ආයෝජන කලාප ඇති කර මෙරට ජාතික ආර්ථිකය දස ගුණයකින් ඉහල නංවා ගැනීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි සපුගස්කන්ද අබේසේකරාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධි ප්‍රාකාරය සහ රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
සපුගස්කන්ද අබේසේකරාරාමාධිපති ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි සපුගස්කන්ද අබේසේකරාරාමය, සාංචි චේතියගිරි විහාරයන්හි නියෝජ්‍ය විහාරාධිපති බානගල විමලතිස්ස හිමිගේ මෙහෙයවීමෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබිණි . එදා බියගම දියුණු කළා වගේ අද රටම දියුණු කරනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔවු, 77 චන්දෙන් පස්සෙ චන්දෙ ඉල්ලුවෙම නෑනෙ, ගෙදරට වෙලානෙ හිටියෙ. දැන් ඉතින් ඇවිත් කොරන්න,
ඔව් ඉතින් බටලන්දත් තිබුනෙ බොහොම දියුණුවට බියගම පැත්තෙ නෙ.
මන් මේ බැලුවා අදත් උදෙන්ම කව්රුහරි ප්‍රභූවරයෙක් අපව දාලා යන්න ගිහිල්ලාද කියලා. දුක වාවගන්න බැරුවයි, ඉන්නේ තාමත්...!!!
එදා බියගම දියුණු කළේ ගෝනවල සුනිල් එක්ක එකතු වෙලා... 1981 යාපනය දියුණු කළේ ගාමිණී සහ සිරිල් එක්ක එකතු වෙලා. නායකයාගේ උපදෙස් මත...
මේ නොදරුවට කවුරුහරි කියලා දෙනවාද අද වෙනවිට බියගම තත්වය... වෙළඳ කලාපේ හුඟක් ආයතන කරගන්න බැරුව වහලා යනවා... එක්කෝ වරින්වර වැඩ. දැන් ඒ පැත්තේ මිනිස්සු හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ, වක්‍ර රැකියා බොහෝමයක් නැතිවෙලා. අඩුම ගණනේ වෙළෙඳ කලාපෙට එන ප්‍රධාන පාර ආණ්ඩුවෙන් හරියට හදලා නැහැ පහුගිය අවුරුදු දෙකකින්.
මීට කලින් පාසලක උත්සවයකදීත් කියලා තිබුණා මේ කතාව. මේ ජනපති තවම ජීවත් වෙන්නේ මීට වසර පහළොවකට කලින් තොරතුරු එක්කද? අද බියගම පැත්තේ මිනිස්සුන්ගේ ගෙවල් බෝඩින් වේලෙනවා. කුලියට දෙන්න බැරුව, කඩ කල අය වේලෙනවා, ලයිට් බිල් වැඩිකරලා යටිතල පහසුකම් නැතිව කම්හල් වැහිලා, සේවකයෝ නැහැ... තියෙන කම්හල් ටිකත් අමාරුවෙන් ඇදගෙන යන්නේ...!
ඔන්න ආයෙත් සීයා කතන්දර කියන්න පටන් අරගෙන... මෙන්න මේ මනුස්සයාට කියන්න ඔක්කොටෝම ඉස්සරවෙලා ඡන්දෙකින් පත්වෙලා එන්න කියලා..
බියගම දියුණු කළේ ගෝනවල සුනිල් එක්කනේ... සුනිල් සමාදාන විනිසුරුවරයෙක් කළානේ...!
ඔයා බියගම ආයෝජන කලාපය ඉදිකළත්, අද රට බංකලොත් වෙලා නේ. කලින් අපේ සහෝදර ප්‍රේක්ශකයක් කිව්වා වගේ ගෝනවල සුනිල් අයත් වෙන්නේත් බියගමට...!
මොකක්ද බන් බියගම දියුණු වෙලා තියෙන්නේ ? නාගරීකරණය වෙලා විතරයි . ඕක දියුණුව ද?
ඔහේට ගෝනවල කල්‍යාණ මිතුරා නැතුව ඕක කරන්න පුලුවන්ද?