(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අරගලය ලියාපදිංචි කරන බවත් ඊට පහසුකම් දෙන බවත් අග්‍රාමාත්‍යවරයා  වීමෙන් පසු කී රනින්  වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු මිනිසුන් හත් අටදෙනෙක් නැගී සිටින්නට හදන විට පෙනේ පුප්පන්නට පටන් ගෙන ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එදා එක්සත් ජාතික පක්ෂයේ "බ්‍රාන්ච්" එකක් අරගලයේ තිබුණ බවත් ආශු මාරසිංහ පවා එම "හට්" එකේ සිටි බවත් කී නලින් බණ්ඩාර මහතා රනිල් එදා අරගලය "පුෂ් "කරන්න ඩොලර් ගානක් "පම්ප්" කළා දැයි නොදන්නා බවද කීය.