
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල තරුණ සංවිධනාය පොසොන් වන්දනාකරුවෙන් වෙනුවෙන් සංවිධානය කළ පොසොන් බත් දන්සලට විදෙස් තරුණ පිරිසක් ද එක්ව සිටියහ.
සීගිරිය ගල පාමුල දී මෙම දන්සල පැවැත්විණි. රුසියන්,ජර්මනිය, ඇතුළු රටවල් රැසකින් මෙරට සංචාරයට පැමිණි එම පිරිස වන්දනාකරුවෝ ආහාර බෙදීමට උදව් කළහ.
එම දන්සල් කටයුත්තට සහය දුන් විදේශිකයන් කියා සිටියේ මෙම කටයුත්ත ඉතා උදාර ක්‍රියාවක් බවයි. බෞද්ධ දර්ශනයට නිසා මෙරට ලැබුණ් ඉතා වටිනා දායාදයක් බව ද ඔවුහු කියා සිටිය. වන්දනා යන පිරිසට ආහාර බෙදීමෙන් ඉතා සතුටක් ලැබූ බවත් අද දවස පුරාම මෙම පුන්‍ය කටයුත්තට සහාය දෙන බව ද ඔවුහු කියා සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදාර ක්‍රියාවක්. දෙස් විදෙස් පුණ්‍යවන්තයින් සිත් පහදාගෙන පිං රැස්කරගනී. දානයට පෙළඹේවි...!