(තිළිණි ද සිල්වා)
විදේශ රටවල සේවයේ සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුල්වලට රුපියල් කෝටි තුනක වන්දි මුදල් ලබා දීමට කටයුතු කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
මැදපෙරදිග ඇතුළු විවිධ රටවලදී සේවය කරමින් සිටියදී මියගිය ලාංකිකයින්ගේ පවුල් වෙත මෙම වන්දි මුදල් හිමිවන අතර මැද පෙරදිග රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහාය ඇතිව, එම රුපියල් කෝටි තුනක වන්දි, වැටුප් හිඟ මුදල් සහ වෙනත් සහන ලබා ගැනීමට අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට හැකි වූ බවද එම අමාත්‍යාංශය කියයි.
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් මියගිය ශ්‍රී ලාංකිකයින්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ වන්දි ප්‍රදානය කීරිමේ නිල ලිපි බාර දීම විදේශ අමාත්‍යංශයේදී පැවැත්විණි.
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා , විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්වනාත් අපොන්සු මහතා, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ ප්‍රධානී සරට් ඩෑෂ් මහතා සහ, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂ සිම්රින් සිං මහත්මිය විසින් මියගිය සංක්‍රමණික සේවකයන්ගේ පවුලේ සාමාජිකයින්ට වන්දි මුදල් සහිත ලිපි භාර දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආයතනයක වැඩ කළා නම් , ජීවිත රක්ෂණයක් තිබුණා නම් , මිය ගිය කෙනෙකුට සෑහෙන වන්දියක් ලැබෙනවා. ලංකාවේ තානාපති අංශ නම් කරන දෙයක් නෑ. අපි පස්සෙන් පන්නලා ඒ මුදල් ගැන හොයන්න ඕනෑ. නැත්නම් ඒකටත් සොරි. අත්දැකීමෙන් කියන්නේ...!!!
නිකන් බොරු කියන්න එපා. නුඹලා දාන වන්දි...