
(තිළිණි ද සිල්වා)
මේ වසරේ මුල් මාස හයේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් 17,469 දෙනා අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇත්තේ සංචාරකයින් 183 දෙනකු පමණක් යැයිද සංචාරක අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව කොවිඩ් දෙවැනි රැල්ලෙන් පසුව ඉකුත් ජනවාරි 21 වැනිදා සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු ඊයේ (04) දිනය දක්වා මෙම සංචාරකයින් පැමිණ ඇති අතර එම කොවිඩ් අසාදිත සංචාරකයන් 183 දෙනාගෙන් 138 දෙනෙකුම ප්‍රතිකාර ලැබ සුව වී සිය රට බලා ගොස් ඇතැයි ද එම අමාත්‍යාංශය කීය.
සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙරටට සංචාරකයන් ගෙන්වීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සදහා සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවති විශේෂ සාකච්ඡාවක් පැවති අතර එහිදී මෙම කරුණූ හෙළි වූ බවද එම අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බඩ තඩි, හරියට ඇවිද ගන්නවත් බැරි ඌරන්ට තියෙන්නේ පුදුම සල්ලි පෙරේතකමක්... මිනිහාට තේරුම් ගන්න බැහැ. අලුත් කොරෝනා ප්‍රභේද මේ රටට ආවාම වෙන විනාශය. හිතාමතාම රටේ ජනතාවට ජීවත්වීමේ නිදහස නැතිකරනවා ' කියලා මෙයාට විරුද්ධව නඩු පවරන්න පුළුවනි.
හේතුව විදේශීය නිෂ්පාදන මිලදී ගැනීමට සහ ණය ආපසු ගෙවීමට රටට ඩොලර් අවශ්‍ය වීමයි..