
(ඩයනා උදයංගනී)
ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 21ක් ලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
දැනට පවතින වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25ක්, අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා වයස අවුරුදු 23ක් සහ සෙසු රටවල් සඳහා අවුරුදු 21ක් වේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන මෙම වයස් සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත්කළ බවත්, එම අනු කමිටුව ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (21) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෘහ හා ගෘහආශ්‍රිත විදේශ රැකියා කියන්නේම අඩු මුදලට කරන වහල් සේවයක්... මේක වහල් වෙළඳාමක්..! දුප්පත් පවුල්වල ගැහැණු පව්. වයස අඩුකළා කියන්නේ විනාශයක්... වයස් සීමාව වැඩි කළේ ඇයි කියලා මේ අයට මතක නැතිද? අපේ රට මෙහෙම පීචං කරන්න එපා.
මෙයාලට කාන්තාවන් වහල් වැඩට යවනවා හැරෙන්න වෙනත් විකල්පයක් නැහැ.
පිළිගත් වෘත්තීය පුහුණුවක් දී සාත්තු සේවිකා හෙද සේවය වැනි වෘත්තීන්ට යවන්න. තවද එම පවුලේ පිරිමි අයව තෝරා වෘත්තීය පුහුණුවක් දී පිටරට රැකියාවන්ට යවන්න.
දරුවන් සිටින සහ නොසිටින කාන්තාවන් මැදපෙරදිග රටවලට යවා ඔවුන්ගේ වැටුපෙන් රටේ ආදයම ඩොලර් වැඩිකර රට සංවර්ධනය කිරීමට උත්සාහ කිරීම වෙනුවට වෙනත් විකල්පයන් සෙවීමට දේශපාලකයින් කටයුතු කළයුතු වේ.
කාන්තාවන් බිල්ලට දීලද ඩොලර් හොයන්න යන්නේ...? මෙච්චර ස්වභාවික සම්පත් රටේ තියෙද්දී ආනයනය වැඩි කරගෙන ඩොලර් හොයන ක්‍රමයක් මොලයට එන්නෙම නැද්ද ?