(විමුක්ති එස් රුද්‍රිගු)
විදේශයන්හි රැකියා වල නියුතු වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ මුදල් ප්‍රමාණය අගෝස්තු මසට සාපේක්ෂව සැප්තැම්බර් මස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය.
ඉකුත් අගෝස්තු මස ශ්‍රී ලංකාවට එවූ විදේශ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 32 කෝටි 54 ලක්ෂයක් ලෙස සටහන් වූ අතර එය සැප්තැම්බර් මස ඇමෙරිකානු ඩොලර් 35 කෝටි 93 ලක්ෂයක් ලෙස සටහන් විය.
එමෙන්ම විදේශයන්හි රැකියා වල නියුතු වන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2574.1 ක විදේශ මුදල් ප්‍රමාණයක් ප්‍රමාණයක් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ඒවා තිබෙන බව මහ බැංකුව පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එතෙර ඉසුරු ගලා ඒම වැඩි වෙයි
ලක්සිරි පැරිසියේ Sunday, 09 October 2022 01:14 PM
මම සුමාන 3 ක් ලංකාවේ ඉදලා ආවේ ගිය සිකුරාදා. දැනවත් අපි එවන සල්ලි හොරකම් කරන්න එපා. මිනිස්සු දුක් විදිනවා . ඇසට දැකපු දෙවල් . කන එකා හොදට කනවා . නැති එකා ලෙවකනවා . රට මේ තත්වයට ගෙන ආ අයට වැසි නැති හෙණ මම පතනවා,
janabala asamagi Sunday, 09 October 2022 02:52 PM
වැඩක් වෙන්නේ නැහැ ඕවා කොල්ලා කන උන් පාලනයේ ඉන්නේ.
fairoos Sunday, 09 October 2022 03:07 PM
කොච්චර එවලත් වැඩක් නැහැ මේ කාලකන්නි ආණ්ඩුව සැප ගන්නව.
siraj salam Monday, 10 October 2022 09:36 AM
කියන්න තියෙන්නෙ මෙච්චරයි, මම වසර 17 ක් රට රැකියා කරනවා, 9 වතාවක් විදෙස් සේවා නියුක්ති කාර්යාංශයට මුදල් ගෙව්වා රක්ෂණ ගාස්තු, රුපියල් වලින් ලක්ෂ 2ක් කිට්ටුව, මම අසනීප වෙච්ච එම වෙලාවෙම මට සහනයක් ලැබුනේ මැදපෙරදිග රටවල් වලින් විතරයි, අපි ගෙවන රක්ෂණ මුදලින් අපිට පෞද්ගලික රෝහලින් පැනඩෝල් පෙත්තක් ගන්න පුලුවන් ද? මැදපෙරදිග රැකියා කරන කට්ටිය දන්නවා රියල් 2කින් සැත්කමක් පවා කරගන්න පුලුවන්,
ජනක රත්නවීර Monday, 10 October 2022 09:45 AM
අපි කොච්චර ඩොලර් ලංකාවට එව්වත් රජයෙන් අපට කිසිම සහනයක් නැහැ.අපි දුක්මහන්සි වෙලා එවන මුදල් වලට සහන ලබාදෙනවා නම් තවත් ඩොලර් වැඩියෙන් අප රටට එවනු ඇත.මේ ගැන ඉක්මනින් කටයුතු සොයාබලා කරනවානම් හොදයි.