IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එතෙර ආයෝජකයන් රකින්න අලුත් වැඩක්

 

(අංජුල මහික වීරරත්න)

විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුලත පමණක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

විදෙස් ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළැඹ තිබේ.

කටාන හල්පේ කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක හිමිකරුවකු වන ඕමාන් ජාතිකයකුට පහරදීම වැනි සිද්ධි නැවත ඇති නොවීම පිණිස රජය මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව රටේ ස්ථාන කිහිපයක අලුතින් ආයෝජන සැකසුම් කලාප කිහිපයක් පිහිටුවීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ආයෝජන කලාප කිහිපයක් පිහිටුවීම සඳහා දැනටමත් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බව රජය පවසයි.

විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා මෙරටට පැමිණි මුල් සමයේ දී ආයෝජන සැකසුම් කලාප වල පමණක් ඒවා ස්ථාපිත කෙරුණු නමුත් රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ එම කම්හල් පිටස්තර ස්ථානවලත් ස්ථාපිත කෙරිණි.

 



අදහස් (4)

එතෙර ආයෝජකයන් රකින්න අලුත් වැඩක්

Nadadawa withanage sisira kumara Saturday, 20 May 2023 10:10 PM

හිසරදයට කොට්ට මාරු කරනවා වගේ...

:       1       0

Lalith Saturday, 20 May 2023 10:31 PM

අනෙකුත් දෙශීය ආයෝජකයින් ඔටුවොද? රටේ නීතිය, සාමය, හා ආරක්ෂාව ස්ථාපිත කිරීමයි කළයුත්තේ...

:       1       0

Lalla Sunday, 21 May 2023 01:10 AM

එතකොට ඒ මජර නියෝජ්‍ය ඇමතියා කලදේ හරි. ප්‍රශ්නය එතනින් නිමාවට පත්කලා....ඌට දඬුවම් නෑ...

:       0       0

sunil Sunday, 21 May 2023 02:51 AM

විදේශ ආයෝජකයින් සඳහා ආරක්ෂාවක් දිය යුතු එකම රට ලංකාවයි. මෙහෙම රටකට පිට රටින් ආයෝජකයෝ එයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site