
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු 11 දෙනෙක් සහ මහකොමසාරිස්වරු 6 දෙනෙක් අද (02) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර බාර දෙනු ලැබූහ.
කෝට් දි අයිවරි, උරුගුවේ, මොන්ගෝලියාව, සර්බියාව, සූඩානය, ආමේනියාව, උතුරු මැසඩෝනියාව, ස්ලොවැකියාව, චෙක් ජනරජය, ස්වීඩනය සහ ඉක්වදෝරය සඳහා තානාපතිවරු ද ජැමෙයිකාව, ටැන්සානියාව, මලාවි, කැනඩා, මැලේසියාව සහ මාලදිවයින සඳහා මහකොමසාරිස්වරු ද මෙලෙස පත්ව සිටිති.
නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පිළිගැනීමට කෙටි උත්සවයක් මහනුවර ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කරන්න නුවරටම එන්න ඕනද? ඊයේ නුවර පාර වල් වහල ත්‍රී වීල් කාරයන්ට විතරක් වෙච්ච කරදරේ තානාපතිලට දැන්වුවොත් නේද ඕනද?
අක්තපත්‍ර භාර ගන්න වත් නීතියෙන් බලයක් නැති ,පිනට අක්තපත්‍ර දෙන්න මේ සනුහරේ නුවරට අරන් ගියේ කාගේ අතින්ද පෙට්‍රල් ගැහුවේ ?මේවා නිරපරාද වියදම් නෙමෙයි ද?
ඔය තානාපතිවරුන් ඔක්කෝම හෙලිකොප්ටරේ නේද අරගෙන ගියේ සහ එක්කගෙන ආවේ ?