
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැරදිකරුවකු යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වොත් "එතුමා" සමග ඉඳගන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවසීය.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් "විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උසාවියකින් බරපතළ ලෙස චෝදනා ලැබ අපකීර්තිමත් වූ පුද්ගලයෙක් යැයිද "මිස්ටර් ක්ලීන් "ට මේ වගේ කුණු ගෑවුණු සංවිධායකවරයෙක් එක්ක ඉන්න පුලුවන්දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
"එතුමාට විරුද්ධව මහාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට දෙවරක් යන්නට එතුමාට අයිතියක් තිබෙනවා.ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකාරයා යයි කිව හොත් එවිට එතුමා සමග මා ඉඳගන්නේ නැහැ.ඒ වගේම එහෙම වුනොත් එතුමාට මෙතන වාඩිවෙන්නත් බැහැ.නමුත් එවැනි තීන්දුවක් ලැබෙන තුරු මා මෙතන ඉන්නවා.ඔය ගොල්ලො කීප දෙනෙකුටත් නඩු දමා වැරදිකාරයා කරන තුරු මහ උසාවි යනකං අප හිටියා".යනුවෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිවැරදිකරු කියා නිදොස් කොට නිදහස් කරාවි.ඒක ඉර හඳ වගේ ස්ථිරයි..
තුෂාර ඉඳුනිල්ලා මන්ත්‍රීල උනාට නීතිය තියා ව්‍යවස්ථාවවත් නොදන්න අත දරුවො. වාචාල කතා කියල නිකම් සවුත්තු වෙනවා
ඒක මහා තක්කඩි ප්‍රකාශයක්නේ. ඒ කියන්නේ යම්කිසි මහාධිකරණ තීන්දුවක් ජනතාවත් පිලි නොගත යුතුයි කියන එකද? එහෙම නැත්නම් ඒ තීන්දුව වැරදියි කියන එකද? අගමැති වරයා මහාධිකරණයටත් අපහාස කරලා තියෙන්නේ. කොහොමත් මොහු කප්පන් ගත්තු බවට මහාධිකරනයෙදී ඔප්පු උන වැරදි කරුවෙක්. "කන්න ඕනා උනාම කබරගොයත් තලගොයා කර ගන්න" තක්කඩි එය පිලි නොගත්තට, අපි පිලිගන්නවා ඒ තීන්දුව. අභියාචනා අධිකරණය හෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොස් දඬුවම ලිහිල් කර ගැනීමේ වරදක් නැහැ. කෙසේ උවත් කප්පන් ගන්නා මර දේශපාලුවන්ව මේ රටේ දේශපාලනයෙන් තුරන් කල යුතුයි.
දැන් මේක උසාවියකින් නෙවෙයිද දීල තියෙන්නේ පොනිලෝ.එහෙනම් හැමෝටම දැන් මේ අදිකරනවලින් දෙන තීන්දු මහා එකෙන් කියනකල් දඩුවමුත් දෙන එක නවත්වන්න ඕනේ
දැන් එතකොට ඔබතුමා කියන්නේ ... එතුමා නිවැරදි කරු කරන්න කියලද .. ? සැකය් එකය් ඇහුවේ ..
නඩුවලට වියදම දඩ වන්දි කෝටි ගනන් ගෙවන්න මේ අය කොච්චර මහජන මුදල් කොල්ලකෑම කරල තියනවද.නමට පොදුජන. ක්‍රියාකලාපය පොදුජන පීඩක පෙරමුණ.......
එතුමා කවුද
ඔය කියන මහ උසාවිය පමණක් තියාගෙන වැඩක් නැති පොඩි උසාවි වහලා දැම්මා නම් ජනතාවගෙ බදු මුදල් ඉතිරි වෙනවා නේද අගමැති තුමෝ.