(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
එතනෝල් ආනයනය නිසි නියාමනයක් යටතේ සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි අප්‍රසාදය පළවී ඇත.
එතනෝල් ආනයනය කරන ආයතන සහ මෙරට භාවිතය සඳහා ආනයනය කෙරෙන එතනෝල් ප්‍රමාණ සම්බන්ධයෙන්ද නිසි නියාමනයක් සිදු නොවන බව එම කාරක සභාව පවසයි.
මේ අනුව එතනෝල් ආනයනය සඳහා විවිධ සමාගම් වලට බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, සමාගම් ආනයනය කරන එතනෝල් ප්‍රමාණ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
එමෙන්ම මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුලු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්‍රමාණ සහ එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිතා කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කරන ලෙස කෝපා කමිටුව උපදෙස්දී ඇත.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 8 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණයවී ඇත්තේ එම රැස්වීමේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙ කොප් කොපා කමිටු වල කට්ටියට විශාදය හැදෙයි මෙහෙම් යනකොට.. දවස තිස්සෙම අහන්නෙ අයතා මුදල් වියදම් කරපුව, හොරකම් කරපුව. . එක හොද දෙයක් වත් අහන්න ලබෙනවද?
හොරුත් එක්ක හෙළුවෙන් කියන නාට්‍ය ඇත්ත කියලා තේරෙනවා නේද? රටේ ගරු කියන කෑල්ල පාවිච්චියට ගන්න ඔක්කොම හොරු...!