(අංජුල මහික වීරරත්න)
රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ඉකුත් සිකුරාදා (11) පැවැති විරෝධතාවයට එක්සත් ජාතික පක්ෂ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය සභභාගී වීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි පක්ෂ මහා ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
අැය විරෝධතාවයට සහභාග වීම ගැන එක්සත් ජාතික පක්ෂ මහලේකම් ලෙස තමාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් කළේ ද නැතැයි ද රංගෙ බණ්ඩාර මහතා කියයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයිති කාරණයක් නොවේ යැයිද එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශය කරනු ලබන කටයුත්තක් වන අතර මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත්වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස එජාපය සම්බන්ධ වන්නේ නැතැයි එජාප මහලේකම්වරයා සඳහන් කරයි.
කුමන පක්ෂයක හෝ වේවා ජනතා නියෝජිතයින් ලෙස තනතුරු වලට පත්වූ පසු ඔවුන් ගේ ක්‍රියාකලාපය අතිශයින් වගකීම් සහගත විය යුතු අතරමල අත්තනෝමතික හැසිරීම සමාජයේ අගතියට මිස උන්නතියට හේතු පාදක නොවන බව ද ඔවුන් තරයේ සිහි තබාගත යුතු යැයි මහලේකම්වරයා කියයි.
එක්සත් ජාතික පක්ෂයේ අනුදැනුමකින් තොරව එවැනි කටයුත්තකට සම්බන්ධවීම පිළිබඳව සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය සම්බන්ධයෙන් අනුගමනය කරනා ක්‍රියාමාර්ග ගැන පක්ෂ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේදී තීන්දු කරනු ඇතැයි ද මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපයෙන් විශේෂ නිවෙිදනයක්
ganegoda Sunday, 13 November 2022 03:32 PM
එජාපයෙන් එන්නේ නිවේදන පමණයි. සිද්ද වෙන සුගයතියක් නම් පේන තෙක් මානයක නැහැ.