(අංජුල මහික වීරරත්න)

ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස  ඩී.බී. විජේතුංග ජනාධිපතිවරුන්  සමඟ පක්ෂය ආරක්ෂා කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්ම අග්‍රාමාත්‍ය ධූරයට පත්ව රටේ නායකත්වය කරා තමා පැමිණියේ එජාප  පරපුරක උරුමය සමඟ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂය දෙකඩ කර සමගි ජන බලවේගය ගොඩනැඟූ නමුත්  ඔහුගේ  පියාගේ පාලන සමයේ දී පක්ෂය කැඩීයාමට ගිය අවස්ථාවේ එය ආරක්ෂා කර දුන්නේ තමා බවද  ජනාධිපතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කර ගැනීමට ඡන්දය ලබා දුන් දෙලක්ෂ පනස්දහසට මම ස්තූතිවන්ත වෙන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි  මහනුවර ජනාධිපති මන්දිරයේදී  පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුව අමතමිනි