(රංජිත් රාජපක්ෂ)                       
 

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා තෝරාගැනීම රහස් ඡන්දයකින් සිදුවිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවීන් දිසානායක මහතා පැවසීය.
 
නවීන් දිසානායක මහතා ඒ බව කියාසිටියේ අද(22) මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් ගිනිගත්හේන මිනුවන්දෙණිය ප්‍රදේශයේ පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිණි. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේ කියාසිටියේය.
 
“පක්ෂ නායකත්වය තෝරන්නේ රහස් ජන්දයකින්, රහස් ඡන්දයක් කියන්නේ පොරයක් තමයි. ප්‍රජාතන්ත්‍රවාදිව සිදු වන දෙයක්. පක්ෂයේ ව්‍යවස්ථාන අනුව පක්ෂය කඩන්නේ නැතුව තමයි එක් සිදුවෙන්නේ.
 
2011 දි සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා  වුණේ රහස් ඡන්දයකින්. බැඳුම්කරය ගැන යළි කරලියට රැගෙන ඒම දේශපාලන මඩ ගැසීමක්, බැඳුම්කරය ගැන වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ජනාධිපති කොමිසමක් පත් කරලා තියෙනවා, වැරදි කරුවන්ට නිතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එක තමයි එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය.
 
බුවනෙකබාහු රජු සමයේ ඉදි කළ රාජ සභාව කඩා දැමීම සම්පුර්ණයෙන්ම වැරදි දෙයක් , ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්න අවශ්‍යයි” යැයිද කීය.