(අංජුල මහික වීරරත්න)
ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
මේ දේශපාලන පක්ෂ වශයෙන් ප්‍රතිරූප ගොඩනගා ගැනීමට අවස්ථාවක් නොවන හෙයින් ජනතාවගේ පොදු අරගලය වටා සියලු ජනතාව ඒකරාශි විය යුතු බව කී පාලිත රංගේ බණ්ඩාර මහතා ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන තරුණ බලවේගය මැයි 1 දා ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමග එක්ව මැයි දිනය සැමරීමට නියමිත බව සඳහන් කළේය.
ගෝඨා ගෝ ගම තරුණ අරගලය දේශපාලන පක්ෂයකට වෙන් වූ අරගලයක් නොවන හෙයින් එජාප නායකයින් ඊට සහභාගී නොවන බව කී මහලේකම්වරයා දේශපාලන පක්ෂ අරමුණු මොහොතකට හැර දමා මේ මොහොතේ මහපොළොවේ අරගලය සමග එකතු වීමට එජාප බිම් මට්ටමේ යාන්ත්‍රණයට අවස්ථාව ලබාදී තිබෙන බවද සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
එජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයි
දාස Tuesday, 26 April 2022 06:26 PM
කරුණාකරලා එතැනට ගිහිල්ලා එතන අපවිත්‍ර කරන්න එපා... මේ ව්‍යසනයට ඔබලා සියල්ලම හවුල්.
chandima Tuesday, 26 April 2022 10:20 PM
යාලු කරගන්න වගේ යන්නේ?පස්සේ මේ සේරම අපේ මැයි දිනයට ආපු සෙනග කියලා
ජුණ්ඩප්පුවා Wednesday, 27 April 2022 08:00 AM
නිර්පාක්ෂික අරගලය... වැලේ වැල් නැති හාල්පාරුවන් අරගලය අල කරයි වගේ.