(විනීතා එම් ගමගේ)
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ජුලි මස 01වැනිදා සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්ව තීරණය කළ බව පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
ඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය ගෙනයාමට එහි දී තීරණය කළ බව ද හෙතෙම කියා සිටියේය.
අමාත්‍යවරුන් අමාත්‍යංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ක්‍රියාත්මක වන්නට තීරණය කළ බව ද කාරියවසම් මහතා පැවැසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්ව සාකච්ඡා කර තීරණ රැසකට පැමිණි බව ද අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අමාත්‍යවරුන් අමාත්‍යාංශවලින් එළියට බැස මැතිවරණ ව්‍යාපාරය කරන්නේ වැටුප්, දීමනා, වරප්‍රසාද, නිල වාහන සහ නිල නිවාස සහිතවද නැත්නම් රහිතවද? කව්ද අපේක්ෂක? කව්රු වෙනුවෙන්ද ප්‍රචාරය කරන්නේ?
පෙරහැර පටන්ගන්නයි යන්නේ? කරඬුව වඩම්මන්නේ කවුද? පරණ නාකි අලියෙක්ද? නැතිනම් කොට අදින අලිද? නැතිනම් හැමදාමත් පරදින අලියමද? දැන් මාර වැඩ ගොඩක් තියෙනවා කරන්න, ජනතා නියෝජිතයන් වෙන්න, සාධාරණ ගානකට කැමතිවෙන, ඒ වගේම මනාප අරන් දීලා පොරොන්දු වුණු ගාන අරන් ඉල්ලා අස් වෙන්න කැමතිවෙන නළු බට්ටෝ සංගීත කාරයෝ හොයලා සංවිධායක තනතුරුවලට පත් කරන්න. ඡන්දෙන් පස්සේ සමෘද්ධි දෙන ලැයිස්තුව හදන්න, බැංකු ණය දෙන ලැයිස්තුව හදන්න, අලුතින් පත්වීම් දෙන ලැයිස්තුව හදන්න, ජපන් යවන ලැයිස්තු හදන්න, බලමුකෝ මේ වතාවෙත් ජනතාව ඇම ගිලියිද කියලා? ඇම ගිලලා රූපවාහිනියෙන් ඇරෙන්න මුහුණවත් දැකලා නැති උන්ව නියෝජිතයන් කරලා ලොක්ක කියන කියන එකට අත උස්සන්න ඡන්දෙ දෙයිද කියල?
මෙන්න රටක ජනතාව වෙනුවෙන් පත් වෙලා තියෙන ආණ්ඩු...
අපේක්ෂකයෙක් නැතුව මොන ප්රචාරණද?
දැන් ගොඩ ගන්න බැරිය. අපේ ටීම් එක වල්ඩ් කප් ගැහුවා වගේ තමයි. පරාදයි.
මේ තමා ගමනක අවසානය. අනාගතයේ දරුවන් ඉතිහාසය ඉගෙන ගනිද්දී මේ එ.ජා.ප යේ අවසන් වරට අාණ්ඩු කළ කාලය ලෙස ඉගෙන ගනීවී. තව වසර 10කින් පොහොට්ටුවටද එ් ඉරණම අත්වෙනවා. නිදහස් පක්ෂය ඉතිහාසගත වී හමාරයි.
ජනතාවනි මේ ඔබේ වාරයයි .
ජනතාවගේ අතමිට සරු කල රැකියා ලක්ෂ 10 බිහි කල එක්සත් ජාතික පක්ෂය අනිවාර්යයෙන් දිනනවා
ගාල්ල පැත්තේ එකෙකු ගිය පාර වාහන 120 යෙදෙව්වලු. එ්කට මැනේජර් කෙනෙකුත් හිටියා. පාවෙන ගබඩාවෙන් ප්රතිපාදනත් ලැබුණාලු.
ජනතාව බලන් ඉන්නේ උඹල එලියට බහිනකම්
පසුගිය අවුරුදු 4ට කරපු සේවයේ හැටියට එළියට බැස්සේ නැතත් අනිවාර්යයෙන්ම ඡන්දේ උඩින්ම දිනාවි.