
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය අද (17) මැතිවරණ කොමිසමට ගොස් ඉල්ලා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර සහ සභාපති වජිර අබේවර්ධන මහත්වරු රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමට ගොස් මෙම ඉල්ලීම කළහ.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූයේ පක්ෂයේ නීතිඥවරුන් සමඟ ගොස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හමුවී තම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට මේ වන විට බලය ලැබී ඇති හෙයින් හැකි මෑතම දිනයේ දී ජනපතිවරණය පවත්වන්නැයි ඉල්ලා සිටි බව කී රංගෙ බණ්ඩාර මහතා මැතිවරණය කල් දමා ගැනීම සඳහා ඉදිරිපත් කරන නඩු වලට තම පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැතැයි කොමිසමට දැනුම් දුන් බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකි සෑම සහයක්ම ලබාදෙන්නේ යැයි කොමිසමට දැනුම් දුන් බවද එජාප මහ ලේකම්වරයා කීය.
COMMENTS
රංගේගේ රංගන. එක පැත්තකින් මැතිවරණයට බාධාවන පනත් ගේන ගමන් අනිත් පැත්තෙන් රටට පේන්න ඉක්මනින්ම මැතිවරණය තියන්න කියනවා.
විහිලු විහිලු රට හිනස්සවන විහිලු. රනිල් වෙනුවෙන් කඩේ යන රංගගේ විහිලු
නරි නාටක
කපන්න බැරි අත ඉඹිනවා කියන්නේ මේවට. මේකට මට ගිය හිනාව නවත්තගන්න ගිහින් පුං එකකුත් ගියා.
පස්සේ මැස්සෙක්වත් පා කනවද මුන්ගේ ?
ප්‍රා සභා මැතිවරණය තියන්න කියලත් අපි ඔහොම ගියා මතකයි.
කපන්න බැරි අත ඉඹීම
එජාපයේ කොච්චර හොද මිනිස්සු ඉන්නවද'
මොකද තදියම ජනමතයයි මහමැතිවරණයයි එකට දායි කියලාද?
සාධාරණ මැතිවරණයක් පවත්වන්න කාගේ වත් සහායක් අවශ්‍ය නැහැ . යූඑන්පී කාරයෝ ගැන තමයි අපිට සැක.
සභාවේ හිනා