
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කෙරෙයි.
එක්සත් ජාතික පක්ෂ 56 වැනි සම්මේලනය කොළඹ ලේක්හවුස් ගොඩනැගිල්ල ඉදිරිපිට භූමියේදී සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වෙන අතර එහිදී එජාපයේ නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට නියමිතය.
පක්ෂයේ වැඩ කටයුතු මෙහෙයවීමේ වගකීම පැවරෙන උසස් නිලතල කමිටුවක් (High Post Committee) නව ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙනු ඇත.
නව ව්‍යවස්ථාව මගින් අහෝසි කෙරුණු පක්ෂයේ තනතුරු දැරූ නිලධාරීන් මෙන්ම පක්ෂයේ ක්‍රියාකාරී ජ්‍යෙෂ්ඨයන් මෙම උසස් නිලතල කමිටුවට පත් කිරීමට නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතින්, තනතුරු දෙන්න තරම් සෙනග ඉන්නත් එපැයි...
කොහොම වුණත් පක්ෂයේ කෙනෙක් ජනාධිපතිවීම සතුටට කරුණක් වෙනවා. ඒත් පාරම්පරිකව එජාපයේ පාක්ෂිකයින් වුණත් ජීවිත හානිවීම් සිදුවී දේපළ හානියක් වුණත් දැනටත් එහෙම දේවල් වෙනවා... වර්තමානයේ පුද්ගලික වාසි තකා එකතුවෙන පොහොට්ටුවෝ දැනටත් කරන කරදර කෙළවරක් නැහැ. අපේ දරුවන්ට රැකියා නොදුන්නාට 2015 ජනාධිපතිවරණය වෙලාවේ මහින්දට වැඩකර ඇමැති තනතුරු ගත්තු පිරිස් ඔවුන්ගේ පාක්ෂිකයින් සඳහා රැකියා දුන්නා.. අපි වැඩකල සංවිධායක වරුනුත් අප ගැන කිසිම සෙවිල්ලක්, බැලිල්ලක් කළේම නැහැ මේවාට විසඳුමක් නැත්නම් කණගාටුවෙන් වුණත් විකල්පයක් සොයන්න වෙනවා... ඒ ගැනත් සමුළුවේදී තීරණයක් ප්‍රකාශ කරන්න හොඳේ...
මොන දහන්, සූත්තර දැම්මත් වැඩක් වෙන්නේ නෑ රජෝ, මේ සැරේ යන්න වෙන්නේ හොම්බෙන් තමයි.
දැනට ඉන්න මෝඩ රොත්තම එහෙම්ම ඉන්නවා. බලන්න බොරුද කියලා...!
මෙදාපාර නුඹලා දෙගොල්ලන්ම ගෙදර යනවා.