
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණ පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (1) ආරම්භ කෙරිණි.
2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීම වෙනුවෙන් මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
ආසන සංවිධායක ධූර වෙනුවෙන් ඉල්ලුම්පත් දහස් ගණනක් ලැබී ඇති බැවින් එජාප නායකයන්ගේ ප්‍රධානත්වයෙන් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මගින් සුදුසු සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර,සභාපති වජිර අබේවර්ධන,උප නායක අකිල විරාජ් කාරියවසම්, ජාතික සංවිධායක සාගල රත්නායක, නවීන් දිසානායක හා දයා ගමගේ මහත්වරුන් ඇතුළු එජාප නායකයයෝ රැසක් මෙම සම්මුඛ පරික්ෂණ මණ්ඩලය නියෝජනය කළහ.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය මගින් තෝරා ගන්නා සංවිධායකවරුන් ජනවාරි 01 දා සිට වසරක කාලයක් සඳහා පත් කිරීමට නියමිතය. මෙතෙක් ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ ඉල්ලුම් කිරීමට කැමැති තවත් පිරිස් සිටී නම් තවදුරටත් ඉල්ලීම් කළ හැකි බවද එජාප මහලේකම්වරයා පැවසීය.


COMMENTS
එජාපය නමින් පක්ෂයක් තිබෙනවද කියල කිසිකෙනෙක් නොදනී.
ඔන්න තරු පහේ ප්‍රජාතන්ත්‍ර වැඩ. ජනතාවගේ නියෝජිතයෝ හිටියට පාර්ලිමේන්තුවට යවන්නේ කවුද කියලා තෝරන්න ජනතාවට තියා පාක්ෂිකයටවත් බලයක් නැහැ. ලොක්කට එහෙයි කියන්න කැමති ලොක්කා ගේන ගේන පනතට අත් උස්සන සුවච කීකරු නියෝජිතයෝ ලොක්කගෙම ඇම්බැට්ටයෝ එකතු වෙලා තෝරනවා. ඉන් පස්සේ උන්ගෙ ටික පෙන්නලා මහමැතිවරණයේ දී කතිරෙ ගහපල්ල කියනවා. අපේ අමන හරක් පස්සේ මන්ත්‍රීලට බැන බැන ඉන්නවා. බලපුවාම එකෙක්වත් ජනතාවගේ නියෝජිතයෝ නොවෙයි. ලංකාවේ මිනිස්සුන්ට මේ උපපර් වැට්ටිය තේරෙන්නේ නැහැනේ.
සම්මුඛ පරීක්ෂණයක් කරනවා කියලා ෆෝන් එකේ මොකද කරන්නෙ ඔහොම කලාම නියම සුදුස්සො තේරෙන්නෙ නැහැ.
බරපතල වචන දාගෙන ආවට ගමේ ජනතාව අලියට නැත.
මේ ගොල්ලොන්ගේ නායක උන්දැ අනිත් පක්ෂ වලට බන දේශනා කරනවා මේ අසීරු වෙලාවේ පක්ෂ දේශපාලනය අතහැරලා රට ගොඩනගන්න ඔක්කොමල එයත් එක්ක එකතුවෙන්න කියල ,අනිත් පැත්තෙන් ගෝලයෝ ටික රට වටේ යවනවා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන පක්ෂය ගොඩ දාගන්න . තවමත් මිනිස්සු හිතන් ඉන්නවද රනිල් ඇවිල්ල ඉන්නේ රට ගොඩ දාන්න කියල ?
මේ මාධ්‍ය ප්‍රචාර වලින් ඔය පොහොට්ටුවේ 69 තව ටිකක් කැඩෙයි.
මේ රටේ තිබුණු ජනතා හිතවාදී පක්ෂයක් තමයි එජාපය... අද බිංදුවටම බැහැලා... කපටි වැඩ, ඩීල් වැඩ... මේවා නිසා ජනතාවගෙන් ඈත් වුණා. අද ගම් මට්ටමින් මේ පක්ෂයට කවුරුත් නෑ.