(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින සැමරුම කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මැයි 01දා උදේ 10 ට මැයි දින රැලිය ආරම්භ කෙරේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී මැයි දින සැමරුමේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරිණි.
පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ ප්‍රමුඛත්වයෙන් මැයි දින රැළියේ සංවිධාන කටයුතු සිදු කෙරෙන අතර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් පක්ෂයේ ආධාරකරුවන් දහස් ගණනක් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි දින රැළියට සහභාගි වීමට නියමිත පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
කොරෝනා අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය පසුගිය වසර තුනේ මැයි දින රැළි පැවැත්වූයේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෙක්වත් එන ඒකක් නෑ
විදුලි බිල වැඩි කලෙත් පොඩි මිනිහට පමණයි , ජල බිලත් එහෙමයි , රජයේ රෝහල් වල බෙහෙත් නැහැ , දොස්තරලා නැහැ ... කරන්න පුළුවන් ඔක්කොම කෙනෙහිලි කම් කරලා කම්කරුවන් වෙනුවෙන් පෙළපාලි යන මේ පිනා සහ ගොලොයෝ රෑනට මිනිස්සු පාරට බැහැල හු කියන්න ඕනේ හරිනම්
කම්කරුවා කෙසේවෙතත් හොරු රැළක් එක්ක නම් සමරයි වගේ...
අනේ වාසනාවන්... බත්පැකට් එකයි අරක්කු බෝතලයයි...
වෙස්වලාගත් පොහොට්ටුවෝ එයි.., ආත්ම ගෞරවයක් නැති අලි පොහොට්ටුවෝ...
මැයි දිනය අයිති වැඩ කරන ජනතාවටයි. වැඩක් නොකරන ගතානුගතික දේශපාලකයින්ට එය හිමි නැත. වැඩකරන ජනතාව ඉන්දියානු ලොරි බස්වල දාඩිය පෙරාගෙන මැයි රැලියට එන්න ඕනෑ නැත. වේදිකාවේ ඉන්නා අය එන්නේ සැප වාහනවලයි. ඔවුන්ට දාඩිය දාන්නේ නැත. ඔවුන්ට දුක දැනෙන්නේ නැත. ඔවුන්ගේ තඩි ගෑනු, පැටවූ රැලිවලට එන්නේ නැත. වැඩ කරන ජනතාවනි, මැයි දිනය දවසේ පවුලේ උදවිය සමග සතුටින් ගත කරන්න. දේශපාලුවන් ක්‍රෙඩිට් දා ගන්නා මැයි රැලි අල කරමු.