IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාපය කථිකයන් පුහුණු කරයි

(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ නම් දොස්තරගේ බෙහෙත් නිසා ශ්‍රී ලංකාව නම් අසාධ්‍ය රෝගියා දැඩි  සත්කාර ඒකකයේ සිට ටිකට් කපාගෙන ගෙදර ඇවිත් දැන් සුවයෙන් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.

ලක්මව නැවත රෝගී වුවහොත් දැඩි සත්කාර ඒකකයේ සිට මෝචරියට යවන්න සිදුවන හෙයින් එම ඇත්ත තත්ත්වය රටේ ජනතාව හොඳාකාරවම තේරුම්ගත යුතුව තිබෙන බවද සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පුහුණුව ලැබූ කථිකයන් සඳහා සාමාජික හැඳුනුම්පත් නිකුත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා එජාප ජාතික සංවිධායක සාගල රත්නායක, සභාපති වජිර අබේවර්ධන, හිටපු අමාත්‍ය ආනන්ද කුලරත්න,එජාප දේශපාලන පර්යේෂණ අංශයේ ප්‍රධානී ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශමල් සෙනරත්, ලක් වනිතා පෙරමුණේ සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (11)

එජාපය කථිකයන් පුහුණු කරයි

Lalindra Monday, 22 January 2024 03:30 PM

ඇත්තනේ ඇත්තනේ ඇත්ත කියන්න උගන්වන්න ඕනේ නැතිවුණාට බොරු කියන්න පුහුණුවක් ඕනෑමයි...!

:       8       44

Cham Monday, 22 January 2024 04:01 PM

මොනවා හරි කියලා, කරලා, ටික කාලයකට සිඟිති ආතල් එකක් අරන් ජීවත්වෙන දේශපාලන හිඟන්නෝ...!

:       7       33

Kazi Shajahan Monday, 22 January 2024 04:08 PM

ඔය පුරුදු කළ අය එන්නකෝ අපේ ගමට.., මහබැංකුව කඩපු හොරු අල්ලන්න දිනයක් බලාගන්න හොඳේ...!

:       9       32

රංගෙ බණ්ඩා Monday, 22 January 2024 04:10 PM

අලුතින් කථිකයන් මොකටද, ගාල්ලේ ගව සම්පත ඉන්දැද්දී?

:       5       36

Prabha Monday, 22 January 2024 04:18 PM

වජිරගෙන් ඉගෙන ගෙන කතා පවත්වන විදිහ...!

:       5       26

fairoos Monday, 22 January 2024 05:32 PM

UNP එකට වෙච්චි වැඩ...

:       4       19

PATTA hora Monday, 22 January 2024 07:41 PM

වජිරගේ වගේ ගොං කතා පවත්වන්න ඉගෙන ගනිල්ලා. වරෙල්ලා ගමට අපි දෙන්නම් කනේ ඇඟිලි ගහගන්න...

:       1       2

Don perea Monday, 22 January 2024 10:50 PM

වජිර සහ සාගල

:       1       3

Chathuri Tuesday, 23 January 2024 07:02 AM

ඕකට හොදම ගුරා තමයි අනුර කුමාර. ආයේ නැහැ කියන්න. පටිරෝල් වෙන්න. ක්ස්තාව පුහුනු කරයි. දැන් මුන්ට මුල මතක නැහැ. ගෑස්. සිලින්ඩරවලින්. හොර බෙහෙත් වලින්. කී දාහක් මුන් මැරුවද දැන් දඟලන්නේ පුටුව බේර ගන්න. මොන කතා කියාගනඈවත්. ජනතාව අන්දන්න ලැබෙන්නෙ නැහැ 69-59 ත් දෙකම. අනුරට. රටට ඕන තරුන නායකයෙක්. මිසක්. හොරුන් රකින තක්කඩි නෙමේ

:       1       2

Chandima Tuesday, 23 January 2024 07:41 AM

මේ පුහුණු කලේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට ගිහින් පලස්තීන ප්‍රශ්නේ විසඳන ක්‍රමේ ගැන කතා පවත්වන්නද රලාහාමි ?නැතිනම් ඉස්සරහ චන්දෙදී ජනතාව ගොනාට අන්දන්න කතා පවත්වන්නද ?

:       1       2

Aravinda Monarawila Tuesday, 23 January 2024 01:02 PM

තමන්ගේ මතයේ ඉන්න අයට නම් අලුතෙන් පුහුණුවක් ඕනේ නැති නමුත් කුලී කාරයෝ ගත්තම උන්ට බොරුවක් උනත් කියන හැටි කියලා දෙන්න වෙනවා ,පුහුණුව දෙන්න ඉන්නේ මාරු අම්බරුවෝ සෙට් එකක්

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site