(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ හෙට (6) 77 වැනි සංවත්සරය සමරයි.
77 වන සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය ඩිජිටල්කරණයට ලක් කිරීම ද සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී හෙට සිදුකිරීමට නියමිතය.
පක්ෂය ඩිජිටල් කිරීමේ මූලික පියවර ලෙස අන්තර්ජාලය ඔස්සේ පක්ෂය සමඟ සම්බන්ධ වීමට පාක්ෂිකයාට අවස්ථාව හිමිවන බව පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
77 වන සංවත්සරය සමරමින් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට පෙරවරු 7.30 ට සර්ව ආගමික වතාවත් පැවැත්වේ.
අනතුරුව පක්ෂයේ දිවංගත නායකයින්ගේ පිළිරූ වලට පුෂ්පෝපහාර හා මල් දම් පැළදවීමට ද නියමිතය.
එම අවස්ථාවට එක්සත් ජාතික මහලේකම් පාලිත රංගේබණ්ඩාර, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක සාගල රත්නායක,උප නායක අකිල විරාජ් කාරියවසම්, හිටපු අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සිරිකොත විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් මහත්වරු ද සහභාගී වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා මොනවා කළත් වැඩක් තියෙනවද? මොලේ තියෙන කෙනෙක් ඔය බංකොළොත් පක්ෂයට ඡන්දෙ දෙනවද?
මුළු රටේම පාක්ෂිකයෝ කී දෙනෙක් ඉන්නවද දන්නෙ නෑ
ඕක ඩිජිටල් කරගෙන තියාගන්න ජනතාව ප්‍රතික්ෂේප කරපු පක්ෂයක්නේ
ඔය පක්ෂේ කොහෙද බං දිවංගත නායකයෝ . ගිහින් අවීචියේ බලපන්
සමරන්න පක්ෂයක් තියෙනවාද? රනිල්ට පින් සිද්ද වෙන්න එක්සත් ජාතික පක්ෂය නැති වුණානේ...!