(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් සිටියත් ප්‍රාදේශීය සභාවක සභිකයෙක් පත් කරගන්නට ගමේ අපේක්ෂකයෙක් සොයාගන්නට නොහැකි වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් සජබ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු වුණත් අපේක්ෂකයෙක් නැතැයි ද ඒ නිසා දෙගොල්ලොම එකට එකතුවෙලා ඡන්දෙ කල් දාන්න උත්සාහ කරනවා යැයිද නලින් බණ්ඩාර මහතා කීය.
මේක විකෘතියක් බවද අද එක්සත් ජාතික පක්ෂය වගේම පොහොට්ටුවත් මේ අර්බුදයට මුහුණු දෙන්න සිදුවී ඇතැයි නලින් බණ්ඩාර මහතා පැවසීය.
ජනාධිපති උත්සාහ කරන්නේ මැතිවරණය නොතබන්න අණපනත් ගේන්නැයි ද එතුමාගේ නියෝජිතයන් මැතිවරණය කල් දාන්න හැම තැනම නඩු දානවා යැයිද නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාපයට අපේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් අවශ්‍ය නැහැ .ලැබෙන චන්ද ප්‍රමාණය ගැන සලකා බලන විට පෙනෙන්නේ සෑම පළාත් පාලන ආයතනයකටම අපේක්ෂකයන් දෙන්නෙක් වුනත් වැඩි වෙයි