IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එජාප සංවත්සර සැමරුමට පක්ෂ නායකයෝ රැසක්

 

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ  සුගතදාස ක්‍රීඩාංගණයේදී අද  (06) පස්වරුවේ පැවැත්විණි.

‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයේ ප්‍රධාන තේමාවයි.

රාජ්‍ය නායකත්වයක් සහිතව  එක්සත් ජාතික පක්ෂය සංවත්සර උත්සවයක් පවත්වන්නේ  වසර 28කට පසුවයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව පවත්වන පළමු සංවත්සරය මෙය වීමද විශේෂත්වයකි.

රට ගොඩනැගීම සඳහා සියළුම දෙනා එකතුවීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකර සියළු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍ වන ලෙස  විවෘත ආරාධනයක් සිදු කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වී සිටියහ.

ඊ පී ඩී පී නායක ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය  ඩග්ලස් දේවානන්දා, නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්  පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්,මුස්ලිම් කොංග්‍රසයේ නායක  සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක සබජ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්, ජාතික මුස්ලිම් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම්, සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්, මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල් .එම් අතාවුල්ලා මහත්වරු සෙසු පක්ෂ නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටියහ.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව රජයේ අමාත්‍යධූර ලබාගත් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර මහත්වරුද සංවත්සර උත්සවයට පැමිණ සිටියහ.
උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියළුම පළාත් නියෝජනය කරමින් සුගතදාස ක්‍රීඩංගණයට පැමිණි සියලු ජාතීන්ට අයත් ජනතාවගෙන් ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබූ අයුරු දැකගත හැකි විය.

පක්ෂ නායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්‍රාප්තියත් සමඟ සංවත්සර උත්සවය අභිමානවත් අයුරින් ආරම්භ කෙරුණු අතර, පක්ෂයේ අදීකර්තෘ මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතාගේ සිට ආදී නායකයන්ගේ පිළිරූවලට පුෂ්පෝපහාර දක්වමින් ගෞරවය පළ කෙරිණි.

එක්සත් ජාතික පක්ෂ නිර්මාතෘ ඩී.එස් සේනානායක මහතාගේ පිළිරුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඩඩ්ලි සේනානායක මහතාගේ පිළිරුවට නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාද, සර් ජෝන් කොතලාවල මහතාගේ පිළිරුවට පක්ෂ උපනායක නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ද ජේ ආර් ජයවර්ධන මහතාගේ පිළිරුවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා ද , ආර්. ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ද,  ඩී. බී විජේතුංග මහතාගේ පිළිරුවට එජාප ජාතික සංවිධායක  ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක සාගල රත්නායක මහතා ද පුෂ්පෝපහාර දැක්වූහ.

පක්ෂයේ ආදි නායකයන්ට පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ දී ජනතාවද අසුන්වලින් නැගී සිටිමින් සිය ගෞරවාචාර පුදකරන අයුරු දැක ගත හැකිවිය.  
ජාතික සමගියේ අගය විදහා පෙන්වමින් සිංහල හා දමිළ යන භාෂා ද්විත්වයෙන්ම ජාතික ගීය ගායනා කළ අතර පක්ෂයේ අභිමානය විදහා දැක්වෙන විඩියෝ දර්ශන පෙළක් ප්‍රදර්ශනය කෙරිණි.
දේශිය සංස්කෘතිය ඔප්නැංවෙන වාද්‍ය භාණ්ඩ සංදර්ශනයකින් සහ ගීතිමය විශේෂාංගවලින් ද සංවත්සර උළෙල අලංකාරවත් විය.

එක්සත් ජාතික නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, , එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර,  එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, ජාතික සංවිධායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්යාමණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,  උපනායක අකිල විරාජ් කාරියවසම් හිටපු  අමාත්‍යවරුන් වන  ජෝන් අමරතුංග,  රවී කරුණානායක, නවීන් දිසානායක, දයා ගමගේ, ඩී එම් ස්වාමිනාදන්, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානානායක මහක්ම මහත්මීහු මෙම අවස්ථාව එක්ව සිටියහ.
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහත්වරුද සංවත්සරට සුභ පැතුම් පණිවිඩ එවා තිබිණි.

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (4)

එජාප සංවත්සර සැමරුමට පක්ෂ නායකයෝ රැසක්

lanka Tuesday, 06 September 2022 04:22 PM

74 වසරක් රට හිඟමනයට ගෙනාව එකද සමරන්නේ...?

:       12       61

ලුම්බිණි Tuesday, 06 September 2022 04:33 PM

මේ කිසිකෙනෙකුට ලැජ්ජා නැහැ. ඔක්කෝම එකයි...

:       7       50

චන්දන Tuesday, 06 September 2022 07:44 PM

සජිත්ගේ අනාගතය පැහැදිලියි වගේ...

:       23       11

සලීම් Wednesday, 07 September 2022 08:15 AM

අද UNPයක් නැත. නායකයා කිසිවිටෙක තම රස්සාවට නියමිත සේවා කාලය සම්පූර්ණ කර නැත. සිය දේශපාලන ජීවිතය නැවතනැවත නැඟිටුවන්නට ඇති කපටි, දක්ෂකම් නිසාම එසේ අන්වර්ථ නාමයක් ලබාගත් පක්ෂය විනාශ කරපු නායකයා දේශපාලනයට පිවිසීමෙන් පසු හයවතාවක් අගමැති වී ඇතත් කිසිවිටෙක එම රස්සාවට නියමිත සේවාකාලය සම්පූර්ණ කර නැත. රටට අබ සරණයි...

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site