
(අංජුල මහික වීරරත්න)
ලබන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ද සැලකිල්ලට ගෙන කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව අද (02)තීරණය කරනු ලැබීය.
කොළඹ දී රැස්වූ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව ඉහත තීරණයට එළැඹි බව එජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවා ය.
එජාපයේ කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පැවැත්වීමට පියවර ගන්නේ යැයි ද එජාප මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂයේ වැඩකටයුතු තීරණය වෙන්නේ එක මිනිහෙක් මත. ඔන්න ප්‍රජාතන්ත්‍රවාදය.
පෙනෙන හැටියට සංවත්සරය පවත්වන්න වෙන්නේ බොරැල්ලේ ජයරත්න එකේ වගෙයි
මොන සන්වත්සරද ? අරහේ බෙල්ල කියනවා ලොක්ක වල පයයි ගොඩ පයයි කියලා. ඔතැන අඩි පුඩි ගහල නටද්දී ලොක්කා හ.. ගෑවොත් මලා.
ඇවිදින ඉස්පිරිතාලෙට රෙස්ට් එක මදි වෙලාද, නැත්තම් මිනිස්සු 100ක් වත් හොයාගන්න බැරිවෙලාද ?!?
පක්ෂෙත් හරි, නායකයත් හරි, ඕකේ මොනවා සමරන්නද?
එහෙනම් පෙරහැර..
JR මාමා 5/6 ක බලයක් එක්ක සද්දන්ත UNP ය රනිල්ට දුන්නෙ.මේ රනිල් අද වෙනකොට UNP ය රටේ එක ආසනයක් වත් නැති, රටේ එක UNP කාරයෙක් වත් හොයාගන්න බැරි තරමටම පොළොවටම සමතල කරලා දැම්මා.මේ සාපයම තමයි මෙයාට වැදුනේ.තවත් රටේ මොන දේශපාලනයක්ද මෙයාට.තෝලංජු වෙලා යන එකයි අත්තේ.
පන්සීයක් විතර එකතුකරගත්තොත් ලොක්කට ලෙඩ හොඳ වෙලා ඔය ලබ... වැරදුණා ඔය පුහුල කරගන්න පුළුවන් වෙයි.