(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ඇමරිකා තානාපතිනී ජුලියානා චුන්ග් (Julie Chung) මහත්මිය අතර හමුවක් අද (7) කොළඹ හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිනියගේ නිල නිවසේදී සිදුකෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි සාකච්ඡා සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඉදිරි වසරේදී සුබදායක ප්‍රතිඵලයක් ලැබෙන බවට තහවුරු වී යැයි වජිර අබෙිවර්ධන මහතා පැවසීය .
ඇමරිකන් සමාගම් විසින් සෘජු විදේශ ආයෝජන ලැබීමට ඇති ඉඩ කඩ ගැනද මෙහිදී සාකච්ඡා වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්ද වජිර අබේවර්ධන මහතා තානාපතිනියට පැහැදිලි කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය මේ රටේ ඉන්න හරිම නායකයෙක්ද?
වජිර කියන්නේ ඩීල්දාස වගේ කෙනෙක්... ඔබලා වගේ අය ආයෙත් දේශපාලනයට එන්න මේ රටේ ජනතාව වන අප ඉඩ තියන්නේ නැහැ.
තානාපතිතුමියනි, හොරුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔය අය ඔබතුමියත් හොරට අන් යන්න බැරි නැහැ..!