IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


එජාප මහ ලේකම් විරෝධතා ගොනු කරයි

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ පැමිණිල්ල ඉවත දමන  ලෙස ඉල්ලා එම පැමිණිල්ලේ  වගඋත්තරකාර එක්සත්  ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ  අද (12) සිය විරෝධතා ගොනු කළේය .
 
විදානපතිරණ ඇසෝසියේට් නීතීඥ  සමාගම මාර්ගයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා ගොනු කර ඇති විරෝධතා මගින් පෙන්වා දී ඇත්තේ පැමිණිලිකරු නිවැරදි තොරතුරු යටපත් කර උපරිම විශ්වාසයේ මූලධර්මය කර ඇති බවත් , යහපත් චේතනාවෙන් පැමිණිලිකරු අධිකරණයට පැමිණ නැති බවයි.
 
එසේම මෙම පැමිණිල්ල බැලු බැල්මට නඩු නිමිත්තක්  නොමැතිව , සිවිල් නඩු විධාන සංග්‍රහයේ 15, 16,40 සහ 46(2) වගන්තීන් වලට පටහැනිව ගොනු කෙරුණු පැමිණිල්ලක් බවද වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා මගින් අධිකරණයට පෙන්වා දී ඇත.
 
2020/01/30 වැනි දින කෘත්‍යාධිකාරි මණ්ඩලය සන්ධානයකින් ලබන මහමැතිවරණයට තරග කිරීමට තීරණය කළ අතර එම සන්ධානයේ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස නම් කිරීමටද තීරණය වූ බවත් , මෙම සන්ධානයේ ව්‍යවස්ථාව සහ සලකුණ පිලිබද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කෙරුණු බවද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා වලින් කියා සිටී.
 
තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් මාර්තු 04 වැනිදා සමගි ජනබලවේගය නමින් පක්ෂයක් ලියාපදිංචි කර එහි සභාපති ලෙසින් සජිත් ප්‍රේමදාස සහ ලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කර ඇති බවට දැනුම් දී තිබූ බවද එජාප මහලේකම්වරයා අධිකරණයට පෙන්වා දේ.

 

එබැවින් මෙම ක්‍රියාව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් වන හෙයින්  සමගි ජන බලවේගය ගොනු කළ පැමිණිල්ල ඉවත දමන ලෙසත් , වාරණ නියෝගය සහ අතුරු නියෝගය ප්‍රතික්ෂේප කරන ලෙසද වගඋත්තරකාර එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා සිය විරෝධතා මගින්. වැඩිදුරටත් ඉල්ලා ඇත.
 
සමගි ජන බලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් ,උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
 
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 294 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කර තිබිණි.
 



අදහස් (10)

එජාප මහ ලේකම් විරෝධතා ගොනු කරයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 12 June 2020 10:04 AM

"සමගිය බලය වේ" කියා කියමක් තියෙනවා. අභ්‍යන්තරයේ ගැටළු විසඳාගැනීමට නොහැකිව මේ අය කියනවා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න අලියා ලැහැස්තියි කියා. ඒ වුණාට කොහොමද මෙසේ තියෙද්දී මැතිවරණය දිනන්නේ?

:       621       172

KAMAL Friday, 12 June 2020 10:13 AM

පක්ෂෙත් කනවා.. රටත් කනවා..

:       619       62

liyanage Saturday, 13 June 2020 01:07 PM

එක්සත් ජාතික පක්ෂය සුද්ද කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. පක්ෂයේ අනාගතය වෙනුවෙන් මෙය කළයුතුම වේ.

:       0       0

vinivida Saturday, 13 June 2020 03:25 PM

මෙවර මැතිවරණයට බෑනා එක පක්ෂයකින් සහ මාමා තව පක්ෂයකින් තරග කරනු පෙනේ. එක්කෝ මාමා එක්සත් ජාතික පකශයේය. නැතිනම් බෑණා එක්සත් ජාතික පක්ෂයේ හෝ සමගි ජන බලව්ගයේ ජාතික ලැයිස්තුවේය. සහෝදරයන් පක්ෂ දෙකකින් තරග කරනු පෙනේ. අවස්ථාවාදී දේශපාලනය ලංකාවෙන් තුරන් කිරීමට කාලය පැමිණ ඇත. මේ සියල්ල සිදුවන්නේ ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාවය සහ සුඛවිහරණය සඳහාම මිස රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නොවේ. වෙනත් දක්ෂ සුදුස්සකුට තිබෙන අවස්ථාවන් මෙනිසා මගහැරී යනු ඇත. මෙම කරුම, ජඩ, දුෂිත දේශපාලන පිළිවෙත එක්සත් ජාතික පක්ෂයෙන් තුරන් කළයුතුවම ඇත.

:       0       0

Mahesh Friday, 12 June 2020 11:38 AM

එන ඡන්දෙන් මෙයා කොහොමත් පරාදයි. ඉතින් ඔය වගේ වැඩ කරකර බලන්නේ ඡන්ද ටිකක් හරි හොයාගන්න පුලුවන්ද කියලා... පක්ෂයක් කාලා රටත් කාපු වහලෙක්...

:       348       14

Leda Upadhiya Friday, 12 June 2020 11:49 AM

අපිව එළවන්න ඔයා කව්ද?

:       326       16

THISARA Friday, 12 June 2020 06:45 PM

ජනාධිපතිවරණයේ මෙයා ආසනේ පරාදයි. ඉතින් තව කතා මොකද? 

:       0       0

JEYI Friday, 12 June 2020 06:46 PM

කයිවාරුව තමයි තියෙන්නේ...

:       0       0

ranjith Saturday, 13 June 2020 01:30 AM

රනිල් සහ කීපදෙනෙකුට මේ ඡන්දෙන් එන්න පුළුවන්ද? හොඳ ප්‍රතිඵලයක් බලාගන්න මේක හොඳ අවස්ථාවක්..

:       0       0

thilak Tuesday, 16 June 2020 01:00 PM

මොලේ බින්දුවක් වත් නැති මහා ලේකම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site