(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.

තිස්සමහාරාම ආසනයේ මැයි දින සංවිධාන කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී  එජාප සභාපති වජිර අබෙිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති අතර මෙම හමුවට තිස්සමහාරාම ආසනය නියෝජනය කරන සියලුම එක්සත් ජාතික පක්ෂ ප්‍රධානීහු සහ එම ආසනය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු සහභාගීවී සිටියහ.

එජාප මැයි දිනය ලක්ෂයක ජන සහභාගීත්වයකින් මරදානේ දී පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පවසයි.