(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය සහ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු සිදුවන ආකාරයට අදාළ කමිටුව ප‍්‍රථම වතාවට ලබන සතියේදී එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට නියමිතය.
ඉහත කමිටුව මෙසේ එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවන්නේ පක්ෂයට සම්බන්ධ විද්වතුන්, වෘත්තීයවේදීන්, තරුණ සහ කාන්තා සංවිධාන, බල මණ්ඩල ඇතුළු සියලූ පාර්ශව සමග පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමෙන් පසුවය.
හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, හිටපු අමාත්‍යවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, වජිර අබේවර්ධන, මලික් සමරවික‍්‍රම, තලතා අතුකෝරල සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආංශු මාරසිංහ යන මහත්ම මහත්මින්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
සිංහල බෞද්ධ ඡන්ද පදනම දිනාගනිමින් පක්ෂයේ මුහුනුවර නවීකරණය කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම කමිටුවට පැවරෙන ප‍්‍රධාන කාර්ය භාර්ය වේ.
ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ පාර්ශවය නියෝජනය කරන සාමාජිකයන්ද ඉහත කමිටුවට ඇතුළත් කිරීම විශේෂත්වයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පකෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂයෙන් නෙරපීමට පරාජිතයින් කිහිප දෙනෙකු ගන්නා උත්සාහය අසාර්ථක වුවහොත් පරාජිතයින් කිහිපදෙනා පක්ෂයෙන් ඉවත් වන්නේද? එක්සත් ජාතික පක්ෂයට හොඳ බෞද්ධ පදනමක් තිබේ. නමුත් සිවුරු පොරවාගෙන සිටින ජාතිවාදී, අන්තවාදී රටේ ජනතාවගේ මොළ සෝදන බික්ෂූන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයට නොමැත.
හැමදාම කලේ කමිටු පත් කරලා ප්‍රශ්නෙන් පැනලා ගිහින් රනිල් ඉඳීමයි. මේ පක්ෂය රනිල් ඉන්නතාක්කල් ගොඩගන්න බැ.
ප‍්‍රතිසංවිධාන, කමිටු, කිය කියා කල් නොමරා ජන මතයට ගරු කරලා ඉදිරි මහ මැතිවරණයට මුහුණ දෙන්න සියල්ලෝට එකඟ විය හැකි එකඟතාවයකට ඉක්මනින් එන්න මහා මැතිවරණය දිනනවා කොයිහැටි වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100 ක් වත් ගන්න එකතුවෙලා ගමන යන්න කියා මේ අදහස් එක්කරන්නේ එක්සත් ජාතික පක්ෂය යුරෝපා සංවිධානය පැරිස් ශාඛාවේ සභාපති රොහාන් දයාදර පැරිස් ....!!!
මෙම කමිටුවේ අවසන් තීරණය වෙන්නේ රනිල් තවදුරටත් නායකත්වයේ ඉන්න ඕනේ. මේ කමිටු සේරම රනිල්ව ආරක්ෂාකිරීම මිස පක්ෂයේ දියුණුව නොවේ.
රනිල් අනිවාර්යයෙන්ම ඉවත් විය යුතුයි. වෙනත් තරුණ නායකයෙක් පත් නොකළහොත් එජාප සංවිධාන සියල්ල විසුරුවා හැර දැමිය යුතුය ?