(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වෙත එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ සභිකයන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද (21) සවස ඒකමතිකව තීන්දු කළේය.
මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත. මොවුහු සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයෙන් පත්ව වෙනත් පක්ෂයකට සහාය දැක්වූවෝ වෙති.
එසේම මෙම පිරිස මේ වන විටත් වෙනත් පක්ෂ වලින් මෙවර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දී ඇති අය බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
එම කරුණු පාදක කර ගනිමින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීන්දු කර තිබෙි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැති අතර ඊට කෘත්‍යාධිකාර මණ්ඩල සභිකයෝ බහුතරයක් සහභාගී වී සිටියහ.
සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක පමණ කණ්ඩායමක් නිදහසට කරුණු කීමට අවස්ථාව ඉල්ලා තිබුණ ද එය නොසලකා සියලු දෙනා ඉවත් කිරීමට පක්ෂ කෘතාධිකාරී මණ්ඩලය තීන්දු කර තිබේ.
තවමත් පළාත් පාලන ආයතන නිල කාලය අවසන්ව නොමැති බැවින් පක්ෂය විසින් ඉදිරියේදි නව සභිකයන් 1137 දෙනකු පළාත් පාලන ආයතන වෙත පත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ යම් වැදගත් දිනයක් වෙනුවෙන් හිරකරුවන් නිදහස් කිරීමේ පුරුද්දක් තියෙනවා.. ඉතින් මෙහිදී උපතේ සිටම එජාප හිරකරුවන් වූ 1137ක් නිදහස් කරලා තියෙනවා...!
අලියා පිටේ යන්න පුළුවන් දෙන්නටයි .නැත්නම් තුන් දෙනාටයි .1137 කට අලියා පිටේ යන්න බැහැ නේ
එහෙනම් පාර්ලිමේන්තුවේ ඔය ඕනෑතරම් ඒ පැත්තට මේපැත්තට පනින්නේ... මිටි තැනින්නේ වතුර ගලන්නේ...!