(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද (12) තීරණය කළේය.
එක්සත් ජාතික පක්ෂය ටිකෙන් ටික ඉදිරියට ගෙන ඒම සඳහා පක්ෂයේ වත්මන් නායකයින් ඉතා උනන්දුවෙන් දර දිය ඇද කටයුතු කොට ඇති හෙයින් ඉදිරි වැඩ කටයුතු ද එම නායකයන්ට කරගෙන යාමට ශක්තිය ඇති බව මධ්‍යම කමිටුවට සහභාගී වූ පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පක්ෂ මධ්‍යම කමිටුව අද පස්වරුවේ රැස් විය.
හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට පක්ෂ නියෝජ්‍ය නායක ධුරය හෝ මහ ලේකම් ධුරය ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ද මධ්‍යම කමිටුවේ සාකච්ඡාවට බඳුන් වී ඇති අතර එහිදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සඳහන් කර ඇත්තේ වර්තමානයේ පක්ෂ තනතුරු වල කිසිදු වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නැති බවයි.
මෙහිදී අදහස් දක්වමින් පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසා ඇත්තේ සියලු දෙනාම එකමුතු වී එකා මෙන් ඉදිරි ගමන යා යුතුව තිබෙන බවයි.
පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,උපනායක අකිල විරාජ් කාරියවසම් මහත්වරුන් ද මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර තිබෙන්නේ පක්ෂයේ තනතුරු දරන්නන් රට වටා ඇවිදිමින් පක්ෂයේ බිම් මට්ටමේ ගොඩනැගීමේ කටයුතු නිසියාකාරව සිදු කරමින් සිටින බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක,මහලේකම් සහ සභාපති තනතුරු හැර සෙසු සියලු තනතුරු අහෝසි කර නායකත්ව මණ්ඩලයක් ඇති කළ යුතු බවට මීට පෙර යෝජනාවක් පැමිණ තිබූ අතර එම යෝජනාව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවන බවද ඊයේ පැවති මධ්‍යම කමිටුවේ දී තීරණයකට එළැඹ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂයේ කිසිඳු තනතුරක් වෙනස් නොකළ යුතු බවට පක්ෂයේ මධ්‍යම කමිටුව අද තීරණය කර ඇත...!
රනිල් එක්ක ඔය පක්ෂයත් වලකජ්ජ ගහන කම් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. අනේ අපේ පළවෙනි දේශපාලන පක්ෂයට වුණු වැඩේ...
ඉදිරියේ එන සියලුම මැතිවරණ වලින් ඔයගොල්ලෝ සියලු දෙනාටම ඇපත් නැහැ...
ඉතින් අබේවර්දන මහත්තයෝ දැනටත් එක වගේනේ ඉස්සරහට යන්නේ .එකෙක් ඉස්සරහින් දෝලාවේ තියාගෙන අනික් උන් කොට ඇඳගෙන පස්සෙන් යනවා .එහෙම නේද ?
මහ බැංකු හොරෙකුට තනතුරු දුන්නොත්, ලැබෙන්න තිබෙන සියයට 3ත් නැතිවෙයි.
තනතුරු වෙනස් කළත්, නැතත් ඔහෙලාට ජනතාවගේ ඡන්දෙ ගන්නවා බොරු... මොන මොන උප්පරවැට්ටි දැම්මත් වැඩේ නම් හරියන්නේ නෑ ගොයියෝ...!
ඉස්සර 5/6 බලයක්... එනම් 85%ක බලයක් තිබ්බා... පක්ෂයක් 3% දක්වා ගෙන එන්න කටයුතු කළ මෙම පිරිස පසුපස යන්න රටේ ඡන්ද දායකයෝ කැමැති නෑ...
වජිර මුළු ගාල්ලේම කියව කියවා ඇවිදිනවා ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති රනිල්, අගමැති එයා කියලා...!