(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය ගාල්ල නගර ශාලාවේදී සෙනසුරාදා (13) පෙරවරු 9ට පැවැත්වේ.
එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කරන එජාප සම්මෙිලන මාලාවේ පළමුවැන්න මෙයයි.
එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට එක්සත් ජාතික පක්ෂ නායකයෝ ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයෝ ද සහභාගි වෙති.
එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනයෙන් පසු හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික් සම්මේලන 14 වැනිදා ද රත්නපුර දිස්ත්‍රික් සම්මේලනය 15 වැනිදා ද පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මේලන මාලාව සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක්කු බත් පැකට් සල්ලී බෙදන්නේ නැතුව පන්සීයක් ආවොත් ඒකත් ජයග්‍රහනයක් !
ගාල්ලේ ගව සම්පත විතරක් එදාට එයි. නියම UNP හිටපු පාක්ෂිකයන් රට ගැන හිතල මැතිවරණයේදී නිවැරදි තීන්දුව ගනියි. තව චුට්ටයි. ඔහොම යන් !!!
නගර ශාලාව ගන්න ඇත්තේ එන 200-250 ට ගානට සීට් දාන්න ලේසි හින්දා නේ.අනේ නේ හරක් අබේවර්ධනගේ මොලේ