IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය සෙනසුරාදා

(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනය ගාල්ල නගර ශාලාවේදී  සෙනසුරාදා (13) පෙරවරු 9ට පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ නායක  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා  දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කරන එජාප  සම්මෙිලන මාලාවේ පළමුවැන්න මෙයයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයට එක්සත් ජාතික පක්ෂ නායකයෝ ද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඇතුළු  ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා නියෝජිතයෝ ද සහභාගි වෙති.

එක්සත් ජාතික පක්ෂයේ ගාලු දිස්ත්‍රික් සම්මේලනයෙන් පසු හම්බන්තොට සහ කළුතර දිස්ත්‍රික් සම්මේලන 14 වැනිදා ද රත්නපුර දිස්ත්‍රික්  සම්මේලනය 15 වැනිදා ද පැවැත්වීමට නියමිතය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගත දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙනුත් මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මේලන මාලාව සංවිධානය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.



අදහස් (3)

එජාප ගාලු දිස්ත්‍රික් සම්මේලනය සෙනසුරාදා

අරවින්ද මොනරවිල Thursday, 11 January 2024 10:37 AM

අරක්කු බත් පැකට් සල්ලී බෙදන්නේ නැතුව පන්සීයක් ආවොත් ඒකත් ජයග්‍රහනයක් !

:       4       6

Amal Thursday, 11 January 2024 11:00 AM

ගාල්ලේ ගව සම්පත විතරක් එදාට එයි. නියම UNP හිටපු පාක්ෂිකයන් රට ගැන හිතල මැතිවරණයේදී නිවැරදි තීන්දුව ගනියි. තව චුට්ටයි. ඔහොම යන් !!!

:       4       10

Lakmal Thursday, 11 January 2024 11:29 AM

නගර ශාලාව ගන්න ඇත්තේ එන 200-250 ට ගානට සීට් දාන්න ලේසි හින්දා නේ.අනේ නේ හරක් අබේවර්ධනගේ මොලේ

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 32 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site