
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස එංගලන්තයේ සිට ගෙන්වා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 242 න්, තවත් අපද්‍රව්‍ය බහාලුම් 82 ක්, කොළඹ වරායෙන් පිටත් වූ නෞකා 3 කින් ආපසු එංගලන්තය බලා අද(06) පිටත් කර යැවූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණයේ නියෝගය මත සහ මේ පිළිබඳව රේගුව විසින් පවත්වනු ලබන විධිමත් රේගු පරීක්ෂණයකින් ද මෙම අපද්‍රව්‍ය බහාලුම් ආපසු එංගලන්තය වෙත යැවීමට නියෝග ලැබී තිබේ.
කොළඹ වරායේ ගුදමක ගබඩා කර තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම් 112 අතරින්, බහාලුම් 82 ක් 11/06 දින අලුයම ආපසු එංගලන්තය බලා ප්‍රති නැව් ගත කර තිබේ.
තවත් මෙම බහාලුම් 10 ක් අද රාත්‍රීයේත් පිටත් කර හැරීමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ ආකාරයට ඉකුත් 30දින ද කොළඹ වරායේ තිබූ අපද්‍රව්‍ය බහාලුම් 20 ක් එංගලන්තය වෙත ප්‍රති නැව් ගත කර තිබූ අතර , තවත් මෙවැනි අපද්‍රව්‍ය බහාලුම් 130 ක් කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලාවක ගබඩා කර තිබේ.
මෙම ප්‍රති නැව් ගත කිරීම රේගු අධ්‍යක්ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී.වී.රවිප්‍රිය මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ රේගු අධ්‍යක්ෂ (සමාජ ආරක්ෂණ ) එස්.පී.අයි.බාලසූරිය, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.ආනන්ද ඊශ්වරන්, රේගු අධිකාරී අෂොරොෆ් සම්සුදීන්, සහකාර රේගු අධිකාරීවරුන් වන තිළිණි ජයසුන්දර සහ කේ.කේ.එම්.සලීම් යන නිලධාරීන් විසින් සිදු කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා වීර ධම්මිකගේ කුණු මෙන්න. කුණුවල වටිනාකම පෙනෙනවාද?
එතකොට මෙවා ගෙනාපු අයට දඩුවමක් නැද්ද?
අප සියලුම මාද්‍ය ආයතනවලින් කාරුණික ඉල්ලීම කිරීමට කැමැත්තෙමු. මෙම විනාශකාරී බහලුම් ගෙනඒමට ක්‍රියාකළ, රට පිලිබදව කිසිදු හැගීමක් නැති මුදල් විතරක්ම සොයන ඒ ආයතනවල සම්පුර්ණ විස්තර , මෙයට ඍජුවම සම්බන්ද නිවට හිගන නිලධාරින් ( පුද්ගලික ආයතනවල නම් ඒ ඒ නිවට නිහින විධායක නිලධාරීන්ගේ ) නම්ගම් ලිපිනයන් මෙන්ම චායරුපද සහිතව සියලුම පුරවැසියන්ගේ දැනගැනුම සදහා පලකරන ලෙස.. මක්නිසාදයත් මහජනතාව දන්නේ නම් මෙවන් තමයි අප රටට මෙම කුණුගොඩවල් මුදල් හම්බකගැනුමටම පමණක් රැගෙනවිත් ඇත්තේ එමගින් මොවුන් සමාජයේ දුටු තැන ප්‍රතික්ෂේප කලහැකි බැවිනි.. "කිනම් හෝ මාධ්‍ය ආයතනයක් එසේ මෙම කාලකන්නින්ගේ පැටිගිරිය ප්‍රසිද්ධ නොකරනවා යනු එම මාධ්‍ය ආයතන මොවුන්ගේ පගාව, කොමිස්, අතයට ගනුදෙනු ලබාගෙන නිහඩව ඉන්නවා යන්න මහජනතාවට ස්ථිර වනු නියතය. එබැවින් ඔබලා නීතිගරුක, ගුණගරුක අවංක මාද්‍යවේදීන් නම් මෙවන් පාදඩයන් ගේ විස්තර කිසිදු බියකින් තොරව පලකල හැකි බව අප තරයේ විස්වාස කරන්නෙමු..
ඒවා යවන්න වියදම් කාගෙන්ද දන් නෑ. ඒ වියදනුත් අපේ පිටින්ම ඇරියද දන්නෑ.
යහපාලනේ සහ ජෙප්පන්ගේ කටේ පිට්ටුද?
මෙවා ආයේ එංගලන්තයට යන්නේ නෑ. මගදි වෙනත් රටකට බානවා.
ඔය කියන විධිමත් පරීක්ෂණ වාර්තාව රහස්‍ය එකක්ද? කවුද හොරා කියලා අපටත් කියනවද?