(ටී.කේ.ජී.කපිල )

එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා එක් දින සංචාරයක් සදහා අද(17)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළට  පැමිණියේය .

 ඒ මහතා සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලයේ උසස් නිලධාරීවරුන් 07 දෙනෙකු , දූත පිරිස ලෙස සහභාගී වීම සදහා පැමිණ සිටියහ .

 ඔවුන් අද  දින උදෑසන 09.11 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

ඩේවිඩ් ලැමී මහතා ඇතුළු පිරිස සවස ආපසු පිටත්ව යාමට නියමිතය .