IMG-LOGO

’’එක්ස්ප්‍රස් පර්ල්’’ විවාදයේදී විජයදාස-තුෂාර හැප්පෙති

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් අතර ඇති වූ බහින් බස්වීමක් නිසා මැතිසබයේ  උණුසුම් තත්වයක් අද (10) පෙරවරුවේ ඇතිවිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ විවාදයේ යෝජනාව තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඊට අදාලව කතා කිරීමට උත්සහ දැරූ අවස්ථාවේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් යම් චෝදනාවක් කළේය. මෙහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ඊට බාධා කරමින්  කතා කරන්නටවූ අතර දෙදෙනා අතර මෙම උණුසුම් සංවාදය ඇති වූයේ ඒ අවස්ථාවේදීය.

මෙහිදී තුෂාර ඉඳුනිල් දෙසට හැරුණු අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"මේක පාර්ලිමේන්තුව මොන්ටිසෝරියක් නොවෙයි. නීති හදන්න  ආවා නම් පොයින්ට් ඔෆ් ඕඩර් ( රීති  ප්‍රශ්න) දැනගෙන ඉන්න ඕන. ඔයා පාර්ලිමේන්තුවේ හැසිරෙන්නේ ඉගෙන ගන්න."

(විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට බාධා කරමින්  දිගින් දිගටම කෑ ගසති)

විජයදාස  රාජපක්ෂ මහතා(වේගවත් හඬින්)

බොරුවට සද්දේ දාලා මගේ හඬ නවත්තන්න බැහැ. එක එක අය මෙතන  බිරුවට මම මගේ කතාව නවත්වන්නේ නැහැ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

අධිකරණ ඇමතිතුමා රීති ප්‍රශ්නයක් මතු කරලා තමයි කතා කරන්නේ. ඒ  රීති ප්‍රශ්නය ඉවර වුණාට  පස්සේ ඔයාලගේ රීති ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. එතකම් වාඩිවෙලා ඉන්න

තුෂාර ඉඳුනිල් මහතා:

විජේදාස රාජපක්ෂ මහත්තයා ම තමයි මේ සිද්ධිය ගැන ආන්දෝලනයක් ඇති කළේ. බිලියන  ගණනක ගනුදෙනුවක්  සිදුවෙලා තියෙනවා කියලා ප්‍රකාශ කරමින්. ඒ ප්‍රකාශය නිසා රටට විශාල අපකීර්තියක් ඇති වුණා. නම් ගම් සහිතව ලිපින සහිතව කිව්වේ. එදා එතුමා එහෙම කියනවා. අද කියනවා ඒව කතා කරන්න එපා කියලා. මොකක්ද මේ හතර බීරි  කතාව.

විජයදාස රාජපක්ෂ මහතා;

විවාදයට යනවද නැද්ද කියලා ඔබතුමා තීන්දුවක් දෙන්න. ඔය ඩොලර් මිලියන දෙසිය පනහේ  කතාව කිව්වේ ඔබතුමාලගේ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම. මමයි සිද්ධිය ගැන සී.අයි.ඩී එකට පැමිණිලි කළේ. ඔබතුමා ඒකද මේ අනිත් පැත්ත හරවන්න හදන්නේ.

 

 

 



අදහස් (0)

’’එක්ස්ප්‍රස් පර්ල්’’ විවාදයේදී විජයදාස-තුෂාර හැප්පෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 797 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site