IMG-LOGO

එක්ස්ප්‍රස් පර්ල් විනාශයට ඩොලර් ලක්ෂ නවයක අතුරුදීමනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස අමෙරිකානු ඩොලර් 8,90,000ක මුදලක් භාණ්ඩාගාරයට ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මීට අමතරව තවත් රුපියල් කෝටියකට වැඩි මුදලක්ද ලැබීමට නියමිතය.

මෙම වන්දි මුදල ලබා දී ඇතැයි පැවසෙන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ මෙරට මුහුදු තීරය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැරූ වියදම් පියවා ගැනීම සඳහාය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ සමාගම විසින් එම ගෙවීම කරනු ලැබූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ධීවරයන්ට සිදු වූ හානිය වෙනුවෙන්ද වන්දි මුදලක් ඉල්ලා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි. ඒ සම්බන්ධයෙන්ද අදාළ රක්ෂණ සමාගම සලකා බලමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

 



අදහස් (1)

එක්ස්ප්‍රස් පර්ල් විනාශයට ඩොලර් ලක්ෂ නවයක අතුරුදීමනාවක්

Lalla Monday, 25 September 2023 07:37 AM

නොමේරූ දරුවන්ට ඕනෑම සුළු අසනීප තත්ත්වයක් මාරාන්තික විය හැකියි නේද? මේ සිද්ධිවලට දෙන ප්‍රචාරය වැඩි නැතිද? හරියට රෝහල් කාර්යමණ්ඩලය මිනීමරනවා වගේ කතා ගෙතීමක්... අසාධාරණය දෙපැත්තටම තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site